කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බවද පැවසේ. ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික ලබණ බාධකයේ ඉදිකිරීම් ආරම්භ කළ බව ඇය පැවසීය.

වියළි හා උෂ්ණාධික කාලගුණයත් සමග ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවත්, පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...