ජාතික ජන බලවේගයේ ලියාපදිංචියට එරෙහි මෝසම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි !

Date:

ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා මාර්තු 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) නියෝග කළේය.

ඒ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර ඇති එම මෝසම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල මෝසම සලකා බැලීම සඳහා මාර්තු 04 වනදා කැඳවන ලෙසයි නියම කළේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම මෝසම ගොනුකර තිබුණේ විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව ය.

ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහතා එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...