මෙවර අපේ සහය පුද්ගලයෙකුට නෙවෙයි වැඩපිළිවෙලකටයි – ඩලස්

Date:

කොළඹLNW:ඉතිහාසය පුරාම සන්ධාන ගොඩනැගුණේ පුද්ගලයෙකු වටා වන නමුත් මෙවර කැප වී සිටින්නේ රට විනාශ මුඛයට ඇද දමන පාලනයට විරුද්ධව විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් සහිත පාලනයක් වෙනුවෙන් බව නිදහස් ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

ඒ, අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

නිදහස් ජනතා සබහව ලෙස උත්සහ කරන්නේ කෙසේ හෝ සන්ධානයක් අටවා ගැනීම නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ව්‍යවස්ථානුකූලව ජනධිපතිවරණය නොපැවැත්වීමේ හැකියාවක් ද නැති බව හෙතෙම කියාසිටියේය.

ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු ගන්නේ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් නොවන අතර මැතිවරණ කොමිසමට එම බලය තිබෙන බව අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

”මේ මොහොතේ කෘතිමව සැකයක් නිර්මාණය කරනවා ආණ්ඩුව ජනාධිපතිවරණය පවත්වයිදෝ නොපවත්වයිදෝ කියන සැකයක් නිර්මාණය කරනවා. ඒක ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය විසින් ඉතාමත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන මතවාදයක්. ඒ කෙසේ වෙතත් මේ පිළිබඳ සංවාදය තමයි මාධ්‍ය අවකාශයේ ඔබ සියලුම නාලිකා මුද්‍රිත මාධ්‍ය ඇතුළේ මේ දිනවල දැඩිව තියෙන්නේ මේ පිළිබඳව සාකච්ඡා. ජනාධිපතිවරණය පිළිබඳව සැකය පිළිබඳව මම මීට පෙරත් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මම කැමතියි නැවත වතාවක් මේ පිළිබඳ තාක්ෂණිකව යම් කරුණු පැහැදිලි කිරීමක් කරන්න.

ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා. ඒ නිසා කුමන තත්ත්වයක් යටතේවත් ජනාධිපතිවරණය නොපැවැත්වීමට හැකියාවක් නැහැ. එහෙම ගන්න උත්සාහය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී උත්සාහයක් බවට පත් වෙනවා. ඉතාම පැහැදිලියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිහ තුන වගන්තිය ඉතාම සරලව පැහැදිලි කරනවා තිහ ව්‍යවස්ථාවට අනුව හත්වැනි පරිච්ඡේදයේ විධායක රජයේ ජනාධිපතිවරයා තිහ තුන ඇතුලේ ඉතාම පැහැදිලිව කියනවා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ධූරය දරන ජනාධිපතිවරයාගේ දුරකාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය කියල.

ජනාධිපතිවරයාගේ ධූර කාලයට වසර පහ සම්පූර්ණ වෙන්නේ 2024 නොවැම්බර් මාස 19 වැනිදා. එතන සිට මාසයකට නොඅඩු ඔක්තෝබර් 18 මාස දෙකකට නොවැඩී සැප්තැම්බර් 18. ඒ නිසා ඉතාම සරලයි ඉතාම පැහැදිලියි රටේ මූලික නීතිය ජනාධිපතිවරණය නියත වශයෙන්ම සැප්තැම්බර් මාසේ 18 ත් ඔක්තෝබර් මාසේ 18 ත් පැවැත්විය යුතුමයි. කිසිවෙක් එය නොපවත්වා ඉන්න කටයුතු කරන්නේ නම් ඉතාම පැහැදිලිව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.” යනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...