මාරක අනතුරක්, දෙහිවල ගුවන් පාලම අසලදී එක් අයෙක් ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): අද (29)  උදෑසන 8.50 ට පමණ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක් වන ඇන්ටන් නැමැති එක්දරු පියෙක් මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

දෙහිවල ගුවන් පාලම අසලදී ගල්කිස්ස සිට මට්ටක්කුලිය බලා ධාවනය වු බස් රථය ඉදිරියෙන් ගමන් කර සිටියදී පානදුර සිට පිටකොටුව දක්වා ධාවනය වු පුද්ගලික බසයක් පිටුපසින් ගමන් කර ඇති අතර එම බස් රථ දෙකට මැදිව ධාවනය වු  ත්‍රි රෝද රථය බස් රථ දෙකේ ඉදිරියේ හා පසුපස ගැටී රිය අනතුරකට ලක් වී මෙම අනතුර සිදුවී ඇති බව දෙහිවල පොලිසිය කිය්ස්‍යි.

කුලී ත්‍රීරෝද රථය රියදුරෙකු ලෙස රැකියාව කරන මරණකරු ඔහුගේ බිරිඳ සමඟ නිවසින් පිටව රැකියා සදහා පැමිණ  දෙහිවල මංසන්ධියන් සිය බිරිඳව ත්‍රීරෝද රථයෙන් බසවා පසුව ඉදිරියට ධාවනය කරමින් සිටින අවස්ථාවේ දී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

මෙහිදී, දෙහිවල මංසන්ධියේ දී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සහ අවට පිරිස එක්ව අනතුරට පත් ත්‍රීරෝද රථ රියදුරු හැකි ඉක්මණින් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

අනතුරට පත් රියදුරු රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මරණකරුගේ මොලයට සහ බෙල්ල පිටුපසට සිදුවී ඇති දැඩි හානිය හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

පානදුර පිටකොටුව බස්රථය, පිටුපසින්  පැමිණ ත්‍රීරෝද රථයේ ගැටීම හේතුවෙන් එහි රියදුරු වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන ලෝගේශවරම් නැමැති සැකකරු දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දෙහිවල පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...