අපි ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි දිනුවාට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා – ටිල්වින්

Date:

ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව මහමැතිවරණයක් පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“පරාජය පිළිබඳව දැනුණු, බලය අත්හැරීම පිළිබඳව හිතන්නවත් බැරි දූෂිත පාලක කණ්ඩායම් විවිධ උපක්‍රම යොදමින් බොරු ප්‍රචාර දියත් කරමින් මේ තත්වය මගහැර ගන්න උත්සාහ කරනවා. විකාරරූපී දේශපාලන රංගනයන්ගෙන් සමන්විත සන්ධාන ගොඩනඟමින් තිබෙනවා. අලුත් පෙනුමක් පෙන්වා පරණ මිනිසුන්ව ජනතාව නැවත වතාවක් රවටන්න උත්සාහ කරනවා. රට බංකොලොත් කළ අයම සුන්දර රටක් හැදීම පිළිබඳව ජනතාවට පොරොන්දු දෙමින් ඉන්නවා. පසුගිය කාලයක් තිස්සේ එකට ආණ්ඩුවේ සිටි අයත් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරමින් වෙනත් සාකච්ඡා ඇති කර, ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා. ජනතාව ඒ දිහා බලන්නේ නැහැ. ඒ නිසාම ඡන්ද මඟහැර යන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ කතා කියමින් ඉන්නවා. ජනතාවගෙන් විශාල විරෝධයක් ආණ්ඩුවට ආව වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඒ අයට මතක් වුණේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ට දිනන්න බැරි බව පැහැදිලි වුණාම කඩිමුඩියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මතක් වෙනවා. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දිගටම අරගල කරමින් බොහෝ දේවල් කැප කළ අය. ඔවුන් දිගටම බොරු පොරොන්දු දෙමින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන ආ අය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර, ජනතා පරමාධිපත්‍යය බලය තහවුරු කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර, මහ මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පියවර ගන්නවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...