විශේෂාංග

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස් මහතා විසින් අපට ද පිටපත් සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ ලිපියක්...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන්...

රියැලිටි කලාවේ තරු සංග්‍රාමය!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු ද තේරී පත්ව සිටියි. ඒ මනාප ඡන්ද ලක්ෂ 5 අභිභවා ලබාගත් මනාපය හේතුවෙනි. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වූ මොවුන්ගේ ගායනතරඟයේ කූඨප්‍රාප්තිය මෙම තිදෙනාය. නිට්ටඹුවෙන් අනූපම ගුණතිලක, කැළණියෙන් ජනනී ඉමත්මා සහා බොරලැස්ගමුවෙන් බ්‍රයන් හෑන්ක්ස්ඔවුන් තිදෙනාය.  ඩ්‍රීම් ස්ටාර් තරඟය සඳහා ඉදිරිපත්ව සිටින අනූපම ගුණතිලක කොළඹනාලන්දාවේ ආදී සිසුවෙකි. හෙතෙම ඕස්ට්‍රේලියාවේ පර්ත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයකින් ශබ්ද පරිපාලනය පිළිබඳ ඉංජිනේරුඋපාධිය හදාරමින් සිටියි. ගායනයෙන් සහා වාදනයෙන් (තබ්ලා තරංග) විශාරද සඳහා අවසන් අදියරේ අධ්‍යාපන කටයුතු කරමින් පසුවෙන අනූපම පාසැල් අවදියේදී ගායනා තරඟයෙන් සමස්ත ලංකා මට්ටමින්ප්‍රථම ස්ථානය ලබා ගායන ලෝකයට පිවිසි තරුණයෙකි. ඔහුගේ ගායන කුසලතාවය අති ප්‍රබලය. වරක් මෙම රියැලිටි තරඟය පැවැත්වෙන අතරතුරදී විනිසුරු අසුනේ සිටි සමිතා මුදුන්කොටුව මහත්මිය, අනූපමවඇයගේ අසුන වෙත කැඳවා, එහි වාඩිකර ඇගේ මනාපය ඔහුලවාම අනූපමටම ප්‍රකාශ කල අවස්තාව ඔහුට ජිවිතේ කිසිදා අමතක නොවනසිදුවීමක් බව පවසයි. ඔහු මෙම තරඟය තුල සිටින අති ප්‍රබල යොවුන්ගායකයෙකි. අනුපමගේ පියා විදේශ ගතව සිට දැනට දිවයිනට පැමිණසිටින අතර, මව වතුපිටිවල රජයේ රෝහලේ මාණ්ඩලික හෙදියක ලෙසසේවය කරන්නීය.   අනූපම ගුණතිලකට නොදෙවෙනි මිහිරි හඬක් ඇති ජනනි ඉමත්මා දක්ෂගායිකාවකි. ඇයගේ පියා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨකථිකාචාර්යවරයෙකි. මව සංගීත ගුරුවරියකි. කුඩා කල සිටම ඇයටසංගීතය පිලිබඳ ආභාෂය ලැබුනේ නිවාස තුලින්මය. ඇයට මිහිරිකටහඬක් ඇති බව වටහාගත් ඇගේ පියා ඇයව ගායනයට හුරු කළේය. මේ නිසා ඇය කුඩා කාලයේ දෙරණ රූපවාහිනී නාලිකාව මෙහෙයවූ(Little Star) තරඟයට ඉදිරිපත් කල අතර එම තරඟයෙන් ඇය අනුශූරතාවය ලබා ගත්තාය. මේ නිසා ඇය දෙරණ රූපවාහිනියෙන් විකාශනයවන ඩ්‍රීම් ස්ටාර් තරඟය සඳහා ආත්මීය බැඳීමකින් සමන්විතව සිටින්නීය. ඇය කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහලේ ආදී සිසුවියක වනජනනි අති දක්ෂ ගායිකාවකි. මේ තරඟය සඳහා තේරී පත්ව සිටින බ්‍රයන් හෑන්කස් ගායනයෙන් අතිදක්ෂ තවත් යෞවනයෙකි. ඔහු බොරලැස්ගමුවේ පදිංචි ලාබාල ඉංග්‍රීසිඋපකාරක ගුරුවරයෙකි. ඔහුට අනුව නටන්න ගයන්න උයන්න ඔහුටනුහුරුය. එහෙත් සංගීතයට ප්‍රිය කළේය. ඔහු සංගීතය තමාගේම උත්සාහයෙන් ඉගෙනගත් තරුණයෙකි. මේ නිසා ඔහුට භාෂා හතකින් ගීතගායනා කල හැකිය. ඔහුගේ එකම ඉලක්කය කෙසේ හෝ ජාත්‍යන්තර ජයගැනීමටය. කොපමණ හුරු පුරුදු වුවත් මෙම තරඟය ඔවුන්ට තීරණාත්මකය. ඔවුන්වේදිකාව මත ගයන ගීතවල මිහිර විඳ ගන්නා ශ්‍රාවකයින් SMS පණිවිඩහරහා පල කරන මනාපය ඔවුන්ගෙන් එක් අයෙකු, සිහින තරුව ලෙසසෙනසුරාදා රාත්‍රියේ අභිෂේක කරවනු ඇත. සංගීතය පිලිබඳඋන්මාදයෙන් පසුවන තරුණ තරුණියන්ගේ චමත්කාර ජනක හෝරාවලෙස මෙම රියැලිටි සංගීතමය චාරිකාව හැඳින්විය හැකිය.

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච රාජු බණ්ඩාර මියගිහිල්ල කියල කිර්ති පැස්කුවෙල් නිවේදනය කරලා තිබ්බ. ඇත්තටම දුකයි. ආරංචි හැටියට ටික කාලයක්...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට 2025 වසර අවසානයේදී මුහුණ දීමට සිදු වූ අතර දිස්ත්‍රික්ක 3කට හැර සෙසු සියලුම දිස්ත්‍රික්ක වෙත...

Popular

spot_imgspot_img