පුවත්

දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘සුදු ජාතිකයො දකුණු අප්‍රිකාවට එන විට ඔවුන් ළඟ බයිබලය තිබුණා.. අපි ළඟ ඉඩම් ටික තිබුණා. ඔවුන් අපට ඇස් වසාගෙන යාඥා කරන්නට කිව්වා. අපි ඇස් ඇර බලන විට අපි අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ ඉඩම් ටික තිබුණා..’’

ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත්ගේ පත්වීම ස්ථිරයි. අගමැති ලේකම් අනුර දිසානායක !

පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කිරීම ස්ථිර බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ආහාර හිඟය ගැන ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතුයි – මෙත්තිකා විතානගේ

මිදි, ඇපල් වැනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම දැන් සිටම සීමා කළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා.

නිලධාරීන්ගේ සහ ඩීල්කරුවන්ගෙන් වුවමනාවට ගෑස් සිලින්ඩරයෙන් විනාශ වී ගිය කුඩා මිනිසාගේ ආර්ථිකය

නත්තල් සීතලත් සමඟම ලබන්නා වූ නව වසර ශ්‍රී ලංකාවේ පුංචි මිනිසාගේ පීඩනය තවදුරටත් වැඩි කරමින් ඇත. කෙසේ හෝ ඉතා අපහසුවෙන් එදා වේල සොයා ගන්නා ස්වයං රැකියා කරුවාගේ සිට උදෑසන තම දරුවන්ට කැඳ හෝ තේ උගුරක් රත් කර දෙන සාමාන්‍ය මිනිසාගේ දෛනික අවශ්‍යතාවයක් වන ගෑස් සිලින්ඩරය මේ වන විට කළුනික බවට පත්වී ඇත.සියලුම ගෑස් වෙළඳ සැල් අසල ඉතා දිගට විහිදුනු පෝලිම් දක්නට ඇත. ගිනි අව්වේ කුඩ ඉහළමින්, පුංචි දරුවන් අතින් වඩාගත් සමහර දෙමව්පියන් ගෑස් සිලින්ඩර උස්සගෙන ගෑස් ලොරිය මේ දැන් එතැයි මඟ බලාගෙන, පෝලිම් වල රස්තියාදු වෙති. කොළඹ තට්ටු නිවාස වාසීන්, කුඩා පැල්පත් වාසීන් ඇතුළු ගෑස් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇත. වඩේ බදින, කෙටි ආහාර සාදා තම ජීවිකාව සවිකරගන්න, ස්වයංරැකියා නියුක්තිකයින් සහ කුඩා ව්‍යාපාරිකයන් ගෑස් සිලින්ඩරය නොමැතිව ඉතා අසරණ තත්වයට පත් ව ඇත.

Popular

spot_imgspot_img