දේශපාලන පුවත්

ඇඳිරි නීතිය මැද්දේම සමගි ජන බලවේගය පාරට බසී. තත්වය උණුසුම් !

දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබියදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීදි බැස විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ගමේ යන්නත් නෑ, රට යන්නත් නෑ. මාර වැඩේ පොහොට්ටුවේ මැති ඇමතිලාට වුණේ …

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකට සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිය ගම්වලට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !

නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.

ඉදිරි උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

ඉදිරියේදී සිදුකෙරෙන ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බෑ – ශ්‍රීලනිපය එක හඬින් කියයි. තීන්දුව ගැනීම මෛත්‍රීට බාරදෙයි

තවදුරටත් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා දුන් බවත් ඒ අනුව සතියක් තුළ ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

Popular

spot_imgspot_img