11 දෙනෙකු අතුරුදන් කරවීම : කරන්නාගොඩගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

2008 – 2010 කාල සීමාවේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කරන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන අමල් රණරාජා මහතා එම පෙත්සම් විභාගයෙන් ඉවත් වී තිබේ.

ඒ, එම පෙත්සම අද (ජනවාරි 28) මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී අමල් රණරාජා මහතා තමන් මෙම නඩුවට අදාළව මීට පෙර නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන බැවින් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව නව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම ජනවාරි 31 වනදා යළි කැඳවීමට නියම විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...