17 නම් බැහැ -අල්ලස් කොමිසමේ වේගය ගැන ප්‍රශ්න කරමින් රනිල් වෙන දිනයක් ඉල්ලයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව එම කොමිසමේ ක්‍රියාපිළිවෙල කෙරෙහි අවධානය යොමුකරමින් ඔහු අද(11) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තවද නිවේදනය නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ වේගය ලෝක වාර්තාවක් තැබිමට සමාන බවත් මිට පෙර මෙවනි ආකාරයට කටයුතු කර නොමැති බවත්ය

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තමා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට සුදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පවසා තිබුණු අතර ඊට ඉතා වේගයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ප්‍රතිචාර දක්වා තිබුණේ අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා එළඹෙන 17 වැනිදා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසයි.

අල්ලස් කොමිසමේ නිළධාරීන්ගේ රාජකාරී නොකරන රාත්‍රි කාලය අඩු කල විට පැය තුනක පමණ කාලයක් ඇතුලත ලිපි ගොණු සකසා අධ්‍යක්ෂක වෙත යොමු කර මේ සඳහා කොමිසන් සභාවද රැස් කර තිබෙන බව වික්‍රමසිංහ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...