05 වැනිදා විදුලි කප්පාදුව අවසන් – නිළධාරීන් ජනපතිට සහතික වෙයි

ලබන 05 වැනිදායින් පසුව විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. විදුලි හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ.
‍
ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වාගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

දිවයින පුරා සියලු ඉන්ධන හල් වෙත හෙට (03) සිට අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදු කරන බැවින් අනිසි බියකින් නිකරුනේ ඉන්ධන එක්රැස් කර තබා ගැනීමෙන් වැළකී සිටින ලෙස ඛනිජ තෙල් නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...