Tag: ධම්මික පෙරේරා

  • ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් – පළමු රැකියා මධ්‍යස්ථානය විවෘත කිරීම අද !

    ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් – පළමු රැකියා මධ්‍යස්ථානය විවෘත කිරීම අද !

    මෙරට තරුණ තරුණියන්ට ගෝලීය රැකියා වෙළඳපොලේ තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථා ලබාදීම අරමුණු කරගනිමින් පිහිටුවන ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් පළමු මධ්‍යස්ථානය අද (10) විවෘත කිරීමට නියමිතව තිබේ.

    ඒ, තිස්සමහාරාම උද්ධකන්දර රජමහා විහාරස්ථානයේදී ය.

    ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සමසභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය අද දිනයේදී විවෘත කෙරෙනු ඇති අතර උද්ධකන්දර රජමහා විහාරයේ පිහිටි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ආයතනයේ පරිගණක භාෂා පාඨමාලාව හදාරා රැකියා සුදුසුකම් සම්පූර්ණ කළ තරුණ තරුණියන් පිරිසකට මෙහි රැකියා අවස්ථා විවර වේ.

    ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ආයතන පිහිටුවීම ආරම්භ කෙරුණේ 2023 පෙබරවාරි මාසයේදී ය. ඒ අනුව මාස 11ක් තුළ එම අයිටී කැම්පස් හරහා අධ්‍යාපනය ලබන්නන් වෙනුවෙන් පළමු රැකියා මධ්‍යස්ථානය විවෘත කිරීම විශේෂත්වයකි.

    දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ආයතන 331ක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර දැනටමත් එයින් 100 කට අධික සංඛ්‍යාවක් විවෘත කර තිබේ. එම අයිටී කැම්පස්වලින් පරිගණක භාෂා පාඨමාලා හදාරණ තරුණ තරුණියන්ට තම ගම් ප්‍රදේශයේදීම තොරතුරු තාක්ෂණ රැකියාවක නිරත වීමට අවස්ථාව සැලසීම ඩීපී සිලිකන් වැලී ඔෆීස් බිහිකිරීමේ අරමුණ වී ඇත.

    මෙය ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ තවත් සමාජ සත්කාරයකි.

    RN

  • ලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක්!

    ලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක්!

    නව වසරේ ආරම්භයත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ආසන්නම කවවල සාමාජිකයන් කැඳවලා මූලස්ථාන මට්ටමේ චාම් උත්සවයකින් නව වසරේ වැඩ පටන් අරන් තිබුණා.

    ජනවාරි පළවෙනිදා තිබුණ උත්සව අතරින් වැඩිම අවධානයක් දිනාගත්තේ සජබය සහ අනුර යාපා – ලන්සලා කණ්ඩායම් බව කියන්න ඕනි.සජිත් ජනවාරි පලවෙනිදා ශ්‍රිලනිප දැවැන්තයෙක් වන ශාන් විජයලාල්ද සිල්වා සජබෙට සම්බන්ධ කරගෙන ලොකු දේශපාලන බෝම්බයක් ගහලා දැම්මා.

    සමහරවිට ඒක ඒ පන්නයේ පැමිණීම් පෙලක ආරම්භය වෙන්නත් පුළුවන්.අනුර යාපා – ලන්සා සන්ධානයේ මූලස්ථානය පිහිටි රාජගිරියේත් චාම් උත්සවයක් සංවිධානය කරලා තිබුණා.ඒ,ඒ සන්ධානයේ මූලික මෙහෙයුම්කරුවන් දෙන්නා වන අනුර ප්‍රියදර්ශන සහ නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන්.එතනදී ලන්සා කරපු කතාව කාගේත් අවධානයට ලක්වෙලා තිබුණා. ලන්සා ජනාධිපතිවරණයේදී රනිල්ට සහය දෙන බව කෙලින්ම කිව්වා.ඒ වගේම තමන් ඇතුළු පිරිස ගොඩනගන සන්ධානයට රාජපක්ෂලා එක්ක කිසිම සම්බන්ධයක් නැති බවත් කිව්වා.

    ලන්සාත් දේශපාලන පොරපිටිය ඇතුලට තවත් බෝම්බයක් ගහලා දැම්මා.සජිත්ගේ බෝම්බයෙන් මූලික හානිය උනේ ශ්‍රිලනිපයට විතරයි.හැබැයි ලන්සාගේ බෝම්බයෙන් පැති ගාණනාවකට හානිවෙලා බව ආරංචියි.එක පැත්තකින් රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා සාත්තර කියපු විමල්ලාට කට උත්තර නැතිවුනා.

    පහුගිය අයවැය විවාදය අතරතුර විමල් හූණා කියනවා වගේ කිව්වේ රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා.රනිල් එනවා කියලා හිතාගෙන ඉන්න අය ගැන කියන්න තියෙන්නේ අනේ පව් කියලා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිධූර කාලය අවසන් උනාට පස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයට යනවා කියලයි විමල් කිව්වේ.ලන්සා රනිල්ට උදව් කරනවා කියන කතාව කටට ආපු පලියට කියපු එකක් වෙන්න බෑ.

    ලන්සා ඒ කතාව කියන්න ඇත්තේ රනිල් ජනාධිපතිවරණය එනවා කියන එක දැනගෙන රනිල් එක්ක එකඟතාවයකින් වෙන්න ඕනි. ලන්සගේ ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිවරණ සටන 2024 වර්ෂය ආරම්භයත් එක්ක ප්‍රධාන සටන් පෙරමුණු තුනට බෙදලා තියනවා. ලන්සලා රනිල්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙන බව කීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට බලපෑම් එල්ල වෙනවා.

    ඒ pressure එක කෙලින්ම එජාපයට එල්ල වෙන එක නවත්තන්න බෑ.තවමත් රනිල්ගේ ජනාධිපතිවරණ කෑම්පේන් එක පටන් ගන්න ඕනි විදිහට පක්ෂය ශක්තිමත් කරගන්න එජාපය අසමත් වෙලා තියනවා.එජාපයේ මූලිකයෝ ඒ වෙනුවෙන් තනි තනි උත්සාහයන් ගත්තත් පක්ෂයක් විදිහට තවමත් සාමූහික උත්සාහයක යෙදෙන්නේ නෑ.එජාපය යම් සංවිධාන හැඩයකින් ජනාධිපතිවරණ සටනට ගේන්න රවීලා උත්සහ කරන බවක් පෙනුනත් තවමත් ඒ උත්සාහය සාර්ථක වෙලා නෑ.අනුර යාපා – නිමල් ලන්සලා රනිල්ගේ කැම්පේන් එක උස්සන්නකොට එජාපයට නිකං බලා ඉන්න බෑ.ලන්සලා උත්සහ කරන්නේ මූලික වටයේදීම එජාපය සක්‍රීය කරගන්න.එජාපයත් යම් විදිහකින් සක්‍රීය උනොත් පළවෙනි වටයේදීම බලවේග දෙකක් මහ පොළොවේ රනිල් වෙනුවෙන් ක්‍රියාකාරීව ඉන්නවා.

    ලන්සා පත්තු කරපු බොම්බයෙන් වැඩිපුරම හානි සිද්ධවුනේ පොහොට්ටුවට. පොහොට්ටුවෙත් රාජපක්ෂලාට.ලන්සා දැන් බෝලය පොහොට්ටුව පැත්තට තල්ලු කරලා ඉවරයි. පොහොට්ටුව තවමත් ජනාධිපතිවරණයේදී රනිල්ට සහය දෙනවා කියලා නෑ.පොහොට්ටුව දිගටම කිව්වේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න මේ දවස්වල ධම්මික පෙරේරා කැම්පේන් එකක් කරගෙන යනවා.ඒ බලාපොරොත්තුව ධම්මිකට දුන්නේ බැසිල්.හැබැයි ඒක මහින්දගේ චොයිස් එක නෙවෙයි.

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පොහොට්ටුව දාලා තියන කොන්දේසි දහය සම්පුර්ණ කරන විදිහට හදාගෙන එන්න කියලා බැසිල් මේ දවස්වල ධම්මිකත් එකක් කංකං බූරූ….චිංචිං නෝරූ සෙල්ලම කරමිනුයි ඉන්නේ.ඒ කොන්දේසි දහය සපුරන වැඩපිලිවෙල හැදුවාට පස්සේ ධම්මික ගැන සළකා බලනවා කියලා තියනවා.දැනට පොහොට්ටුව කියන්නේ ජනාධිපතිවරණය ආසන්න උනහම තමන්ගේ අපේක්ෂකයා නම් කරනවා කියලා.රටේ රාළ දිගටම කිව්වේ අවසාන මොහොතේදී රාජපක්ෂලාට රනිල්ට යටත් වෙන්න වෙනවා කියලයි.රටේ රාළ විශ්වාස කරන්නේ රාජපක්ෂලා දැනටමත් යටත්වීම පෞද්ගලිකව රනිල්ට ප්‍රකාශ කරලා ඇති කියලයි.ඇත්තටම මේ වෙනකොට රනිල් සහ රාජපක්ෂලා අතර එකඟතාවයක් හැදිලා තියෙන්න ඕනි.එයාලා ඒක දැනට එලියට නොකියනවා වෙන්න ඇති.

    දැන් රාජපක්ෂලා රනිල්ට සහය දෙනවා කිව්වත්, ධම්මික දානවා කිව්වත් පොහොට්ටුවේ බහුතරය රනිල්ට සෙට් වෙන එක නවත්තන්න බෑ.දැනට රාජපක්ෂලා කරමින් ඉන්නේ ධම්මිකට දුවන්න දීලා ධම්මික තමයි අපේක්ෂකයා කියලත් ස්ථීරව නොකියා ඔහේ යන්න අරිමින් ප්‍රශ්නය කල්දාගන්න එක.ධම්මිකට හති වැටෙනකම් දුවවන්න දෙනවා.දැන් ඉන්න ධම්මිකට වඩා හති වැටුන ධම්මික විඩ්රෝ කරගන්න එයාලට ලේසියි.මොකද එතකොට දිනන්න බෑ කියන මනසත් ධම්මිකටත් හැදිලා ඉවරයි.

    ලන්සා ප්‍රහාරයක් එල්ල කළේ පොහොට්ටුවේ මේ දෙබිඩි ප්‍රතිපත්තියට කියලයි රටේ රාළ හිතන්නේ.ඒකෙන් වෙන්නේ රාජපක්ෂලා ප්‍රශ්නය කොච්චර කල්දාන්න හැදුවත් පොහොට්ටුව ඇතුලේ රනිල්ට වැඩකරන්න සෙට් එක සහ හොරගල් අහුලන සෙට් එක වෙන් වෙන්ව කැපිලා පේනෙන එකයි.මෙතනදී රාජපක්ෂලා හොරගල් ඇහිලුවට පොහොට්ටුවේ බහුතරයකට ඒක කරන්න බෑ.දැන් සජිත් සහ අනුරත් තරඟය ඇතුලේ ඉන්න නිසා එයාලටත් තමන්ගේ නියෝජනය ගැන හිතන්න වෙනවා.

    එක පැත්තකින් රනිල් ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හින්දා එයාලට රනිල්ට පිටුපාන්නත් බෑ. දැන් රාජපක්ෂලාට රනිල් විරෝධයක් පොහොට්ටුව ඇතුලේ මතු කරන්නත් බෑ.ඇත්තටම ලන්සාගේ ඒ ප්‍රහාරයෙන් වෙන්නේ රාජපක්‍ෂලාගේ බලය දුර්වල වෙමින් රනිල්ගේ බලය සහ රාජපක්ෂ විරෝධී පෙරමුණ ශක්තිමත් වීමයි.ලන්සලාගේ ඊළඟ උපක්‍රම වෙනවා ඇත්තේ රනිල් දිනවන සටනේ මූලිකත්වය ගැනීම වෙන්න ඕනී. එතකොට සටනේ වැඩි වාසිය එයාලගේ පැත්තට එන එක පවත්තන්න බෑ.මෙතනදී තවත් දෙයක් වෙනවා රනිල්ට වැඩ කරන්න කැමති උනත් ඒ වෙනුවෙන් තැනක් නැතිව හිටිය අයට ලන්සලාගේ සන්ධානයකට ගොඩ වෙන්න අවස්ථාව ලැබෙනවා.

    විශේෂයෙන්ම සජබ ඇතුලේ ඉන්න රනිල්වාදීන්ටත් ලන්සලාගේ මේ කලඑළි බැසීම ලොකු උද්දීපනයක් වෙලා තියන බව ආරංචියි.ලන්සලාට වඩාත්ම සමීප කණ්ඩායම විදිහට ඉන්න ශ්‍රිලනිපයටත් ලන්සලාගේ මේ තීරණය ඉස්සරහා ඉක්මන් තීරණවලට යන්න සිද්ධ වෙනවා. ඇත්තටම බලනකොට සජිත් ගහපූ කාල බෝම්බ තරම් පිපිරුම් ශබ්දයක් නැති උනත් ලන්සා පත්තු කරපු බෝම්බය දේශපාලන වශයෙන් ගොඩක් බලවත්.ඒ කියන්නේ ලන්සලා ගහලා තියෙන්නේ කාල බෝම්බයකට වඩා ප්‍රබල පොකුරු බෝම්බයක්.

    හරි එහෙමනම් ගිහින් එන්නම්.

    ජයවේවා.

    මිට රටේ රාළ.

  • පොහොට්ටුවේ කොන්දේසි 10 ට සැලසුම් හදමින් ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා – ධම්මික පෙරේරා (VIDEO)

    පොහොට්ටුවේ කොන්දේසි 10 ට සැලසුම් හදමින් ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා – ධම්මික පෙරේරා (VIDEO)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා කොන්දේසි 10ක් සකස් කර ඇති බවත් තමන් මේ දිනවල එම කොන්දේසි 10 ඉටුකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

    “මම 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට එන්න වැඩ කරමින් ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ලංකාවේ අතිවිශාල පක්ෂයක්. ඒ පක්ෂයෙන් එන්න, අපට කියලා තියෙනවා වැඩ 10ක් කරන්න ඕනෙ කියලා. ඒ කියන්නේ, මිනිස්සුන්ට රැකියා දස ලක්ෂයක් හදන්න ඕනෙ, රජයේ තියෙන ආයතන විකුණන්න බෑ, මිනිස්සුන්ට වැට් බදු බර වැඩියි එනිසා වැට් අඩු කරන්න ඕනෙ, මේ වගේ මට දාලා තියෙනවා කොන්දේසි 10ක්. මේ කොන්දේසි 10ත් මම කරන්න ඕනෙ. අවුරුදු පහක් කියලා කියන්නෙ පැය 9600 යි වැඩ කරන්න තියෙන්නෙ. එතකොට මේ පැය 9600 ඇතුළත ඉවර කරන්නත් ඕනෙ. දැන් මම මේක කරන්නෙ කොහොමද කියලා සැලසුම් ටික තමයි හදමින් ඉන්නෙ. 2024 ජනාධිපතිවරණයට අන්තිම දවස ඔක්තෝබර් 12. ඒකට තව දවස් 286ක් තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරි දවස් 286දී කොහොමද අපි ඒකට සූදානම් වෙන්නෙ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි අපේක්ෂකයා නිවේදනය කරන්න ඕනෙ, ඒකට තියෙන කොන්දේසි ටික සැපිරුවාට පස්සේ. මම දැනට කරන්නේ සූදානම් වෙන එක විතරයි. එහෙන් තමයි නිවේදනය කරන්න ඕනෙ කවුද අපේක්ෂකයා කියලා”

    ප්‍රශ්නය – ඇත්තටම මේ රට ගොඩගන්න පුළුවන්ද ?

    “අයියෝ, මේ රට ගොඩගන්නවා කියන එක එච්චරම කලබල වියයුතු නෑ. මොකද මුදල් නැතුව රට ගොඩගන්න එක තමයි දැන් තියන එකම අමාරුකම. හැබැයි ඒකත් මුදල් නැතිව එක මට්ටමක් දක්වා ගොඩක් දේවල් කරන්න පුළුවන් නෙ. ඉතින් ඇත්තටම මුදල්ම නෙවෙයි, මිනිස්සුන්ට තේරිලා තියෙනවා මුදල් නැතිව කරන්න පුළුවන් කොටසත් කෙරෙන්නෙ නෑ කියලා. ඒක තමයි, මේ මිනිස්සුන්ට කේන්තිය ඇවිල්ලා තියෙන්නෙ එතනදී”

    ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන “සතුටු පවුල” අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

    RN

  • ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

    ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

    ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ 56 වැනි උපන් දිනය අදට (28) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

    1967 දෙසැම්බර් 28 වනදා උපත ලද ධම්මික පෙරේරා මහතා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයේ NDT පාඨමාලාවක් හදාරණ අතරතුරම වයස අවුරුදු 19 දී ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අයෙකි. ඔහු වයස අවුරුදු 45 වනවිට ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා බවට පත්වූයේ දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනංවමිනි.

    සාර්ථක ව්‍යාපාරයක් බිහිකිරීම යනු සියලු දෙනාටම කළ හැකි දෙයක් නොවේ. එසේ සාර්ථක ව්‍යාපාරිකයින් වන අය අතරින් පවා රටක ඉහළම මට්ටමේ ව්‍යාපාර ජාලයක් බිහි කළ හැක්කේ අතළොස්සකට පමණි. ඒ අතරිනුත් අංක එකට පැමිණිය හැක්කේ ඕනෑම රටක නිශ්චිත කාල සීමාවක් තුළ ඉතාම ස්වල්ප දෙනෙකුටම පමණි. එහෙයින් ධම්මික පෙරේරා යනු විශේෂ චරිතයකි.

    එහෙත් ඔහු ශ්‍රී ලංකාවට අදාළව සුවිශේෂී චරිතයක් වන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දිග්විජය කරමින් 60,000 දහසකට අධික පිරිසකට රැකියා සපයන අති දැවැන්ත ව්‍යාපාර ජාලයක් නිර්මාණය කළ නිසා නොවේ. එම ව්‍යාපාර ජාලය බැංකු හා මූල්‍ය, සංචාරක හා විනෝදාස්වාද කර්මාන්ත, තේ රබර් ඇතුළු වැවිලි කර්මාන්ත, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟළුම් ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්ත, සෙරමික් නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කරා විහිදුවමින් දෙස් විදෙස් මට්ටමින් ව්‍යාප්ත කළ නිසා ද නොවේ. රටේ සමස්ත අපනයන ආදායමෙන් විස්සෙන් එකක් උපදවන සමාගම් ජාලයක නිර්මාතෘවරයා වූ නිසා ද නොවේ. ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපතියා වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට පත්වූ නිසා ද නොවේ.

    ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ එක්තරා මොහොතක ඔහු ධනය ඉපයීමෙන් සතුටු වීම අත්හැරිය නිසා ය. එසේ ධනය ඉපයීමෙන් සතුටු වීම අත්හැර දමා, තමන් ඉපයූ ධනය රටේ දස ලක්ෂ සංඛ්‍යාත දුවාදරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට වැය කිරීමට තීරණය කළ නිසාය. ඊටත් වඩා, තමන් දැවැන්ත ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැංවීම සඳහා යෙදවූ කාලය, ශ්‍රමය, දැනුම, අත්දැකීම් යන සියල්ලම රටේ දුවා දරුවන්ට විධිමත්, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහතික කරනු වස් කැප කරමින් ඩීපී එඩියුකේෂන් සමාජ සත්කාරය නිර්මාණය කළ නිසාය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත යුගයට ගැළපෙන පරිදි ප්‍රතිස්ථාපනය කරමින් ඈත එපිට ගම්දනව් සිසාරා දැයේ දුවා දරුවන්ට ඩිජිටල් අධ්‍යාපනය ලබාදීමට පෙරමුණ ගත් නිසා ය.

    ධම්මික පෙරේරා යනු යමක් 100% ක්ම අංග සම්පූර්ණ වනතුරු සෑහීමකට පත්වන්නෙක් නොවේ. එහෙයින් ඩීපී එඩියුකේෂන් වැඩසටහන, එය විය යුතු ආකාරයෙන්ම අති විශිෂ්ට ලෙස සකස් වුණි. එය හුදෙක් ධනය වීසිකර පාරම්බෑමක් ලෙස කිසිවෙකුට පෙන්වා දිය නොහැක්කේ එය දැනටමත් ආසියාවේ අංක එකේ පාසල් අධ්‍යාපන ඩිජිටල් වේදිකාව බවට පත්ව ඇති හෙයිනි. ජපානය, කොරියාව, චීනය, ඉන්දියාව වැනි දියුණු රටවල් හා තරග කරමින් ආසියාවේ අංක එකට පැමිණීමට හැකිවීම යනු අප වැනි රටකට කවර මට්ටමේ ජයග්‍රහණයක්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ ජයග්‍රහණයේ ප්‍රතිලාභය ධම්මික පෙරේරාට හෝ ඩීපී එඩියුකේෂන් කණ්ඩායමට නොව රටේ දුවාදරුවන්ට වීම මෙහි ඇති ඉහළම ජයග්‍රහණයයි.

    ඩීපී එඩියුකේෂන් කෝඩින් ස්කූල් වැඩසටහන හා මොරටුව විශ්වවිද්‍යාලය එක්ව පවත්වාගෙන යන Trainee Fullstack Developer ඔන්ලයින් පාඨමාලාව ද යුරෝපා සංගමයේ සම්මානයට පාත්‍ර වී තිබිණි. ඒ, තවත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයකි. ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ජාලය ශාඛා 100 පසුකරමින් දැනටමත් වේගයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර 2025 වනවිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එයින් ශාඛාවක් ස්ථාපිත වනු ඇත.

    ධම්මික පෙරේරා යනු කුඩා සිහින දකින්නෙක් නොවේ. ඔහු තම ධාරිතාවටම අනුව දැවැන්ත සිහින දකින්නෙකි. ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා සිලිකන් වැලී ඔෆීස් නිර්මාණය කරමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම ඔහුගේ එක් සිහිනයකි. ඩීපී එඩියුකේෂන් වැඩසටහන යටතේම පවතින භාෂා පාසැල සහ වෘත්තීය පුහුණු අංශය හරහා තවත් ලක්ෂ 10 කට දෙස් – විදෙස් රැකියා අවස්ථාවන් විවර කරදීම ඔහුගේ තවත් සිහිනයකි. මේවා වෙනත් අයෙකු දුටුවා නම් හුදෙක් සිහින පමණක්ම වන්නට වැඩි සම්භාවිතාවක් තිබෙන බව ඇත්ත ය. එහෙත් මේවා ධම්මික පෙරේරාගේ සිහින වූ නිසාම කිසිදු රාජ්‍ය මැදිහත් වීමක් නොමැතිවත් එය දැනටමත් පියවරෙන් පියවර යථාවත් වෙමින් තිබේ.

    ඉතිහාසය නිර්මාණය වන්නේ පුද්ගලයින් මත පිහිටමින් නොවේ. නොඑසේ නම් ඓතිහාසික සංසිද්ධි වලදී පුද්ගල සාධකය තීරණාත්මකම වන්නේ නැත. එහෙත් ඉතිහාසය පවා යම් නිශ්චිත මොහොතකට අදාළව සුදුසුම පුද්ගලයා පැමිණෙන තුරු කල්බලන බවක් කියැවේ. ශ්‍රී ලංකාවට අදාළව ගත් කල දශක ගණනක් තිස්සේ උත්සන්න වූ ආර්ථික අර්බුදයක් පුපුරා ගිය මොහොතක, රටේ අනාගතය සම්බන්ධ බලාපොරොත්තු බොඳවෙමින් පැවති මොහොතක ධම්මික පෙරේරාගේ මැදිහත් වීම ඓතිහාසික සිදුවීමක් වශයෙන් ලියවෙනු නියතය. ඒ කවරාකාරයෙන්ද යන්න තීරණය කිරීම ජනතාවට බාර ය.

    ධම්මික පෙරේරා මහතාණෙනි, ඔබට සුබ උපන් දිනයක් !

    ~ Team LNW

  • ජනාධිපතිවරණ තරගය උණුසුම් වෙයි. ධම්මිකට මඩ ගහන්න බොරු පත්තර දැන්වීමක් !

    ජනාධිපතිවරණ තරගය උණුසුම් වෙයි. ධම්මිකට මඩ ගහන්න බොරු පත්තර දැන්වීමක් !

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතරින් නම පළවී ඇති ධම්මික පෙරේරා මහතාට මඩගැසීමේ අරමුණින් යුතුව කිසියම් පාර්ශ්වයක් විසින් සති අන්ත ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක යම් දැන්වීමක් කුමන්ත්‍රණකාරී ලෙස පළකර තිබෙනු දක්නට ලැබිණි.

    එම දැන්වීම එක්තරා පුද්ගලික සමාගමක් විසින් පළ කළ බවට සඳහන් කර තිබුණ ද ඒ නමින් සමාගමක් ඇත්තේ ද නැත.

    ඒ අනුව මෙම ව්‍යාජ දැන්වීම පළ කළ කෙනෙකු දැනට සොයාගන්නට නොහැකි වී තිබේ.

    කෙසේවෙතත් මෙයින් පෙන්නුම් කෙරෙන්නේ 2024 වසර උදාවීමටත් පෙර සිටම ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් පවතින බවකි.

  • මේ වතාවේ එන්නේ වයස 60 ට අඩු ජනාධිපතිවරයෙක් – සජබ මාධ්‍ය ප්‍රකාශක

    මේ වතාවේ එන්නේ වයස 60 ට අඩු ජනාධිපතිවරයෙක් – සජබ මාධ්‍ය ප්‍රකාශක

    2024 ජනාධිපතිවරණයෙන් බලයට පත්වන්නේ වයස අවුරුදු 60 ට අඩු ජනාධිපතිවරයකු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

    “එළඹෙන සැප්තැම්බර් 16 වෙනිදාත් ඔක්තෝබර් 16 වෙනිදාත් අතරතුර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ කියන්නෙ ජුලි මාසේදී ජනාධිපතිවරණය කැඳවනවා. දැන් වර්තමාන ජනාධිපතිවරයා මේ මැතිවරණයට ඉල්ලන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. මොකද ඔහු දෙපාරක් ජනාධිපතිවරණ පැරදුණා. තුන්වෙනි පාර 2010දී පැරදෙන බව දැනගෙන ඉත්තෙක්ව දැම්මා. හතරවෙනි පාර ජයග්‍රහණය සඳහා පසුබිම තිබුණත් ඔහුට දිනන්න බැරි බව දැනගෙන ඔහු ඉල්ලුවෙ නෑ, වෙන අශ්වයෙක් ගෙනත් දාලා ඒ අශ්වයාගෙ කරපිට නැග්ගා. දැන් මේ පාර පිනට හම්බුණා ලක් බයි චාන්ස් එකකට. එනිසා මේ ජනාධිපතිවරයා ඡන්ද පරදින්න ඉල්ලන්නෙ නෑ.

    ඒ වගේම දැන් පොදුජන පෙරමුණේ සම්මේලනය දවසේ ඉතාම පැහැදිලිව පෙනුනා, බැසිල් රාජපක්ෂ විසින් හරියටම ඉඟිය ලබාදුන්නා ඔවුන්ගේ අපේක්ෂකයා ධම්මික පෙරේරා බව. මොකද හේතුව, එතන පුටු දාලා තිබිච්ච විදිය අනුව පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් ඔක්කොටම වඩා ප්‍රමුඛතාවය දීලා තිබුණෙ ධම්මික පෙරේරාට. ඒ අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා වන සන්දර්භය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය ඉල්ලන්න පක්ෂයක් නෑ. යූඑන්පීයෙන් ඉල්ලන්න පුළුවන්, ඉල්ලලා වැඩක් නෑ කුල්ල කුජීත වෙලාම යනවා. එනිසා ඔහු ඡන්දය ඉල්ලන්නේ නැත.

    අනිත් එක තමයි දැන් රටේ මතුවෙලා තියෙන අලුත් වාතාවරණය තුළ මේ රටේ තරුණ පරම්පරාවට අවුරුදු 75 ඉක්මවා ගිය දේශපාලනඥයෝ ඔවුන්ගෙ සීයලා වගේ. එතකොට අලුත් තරුණ පරම්පරාව කැමති නෑ තමන්ගෙ සීයලාගෙ වයසේ පුද්ගලයෙක්ව නැවත වතාවක් මේ රටේ ජනාධිපති කරන්න. එනිසා අලුත් ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. අවුරුදු 60 ට අඩු ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. ඒ ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය සැප්තැම්බර් – ඔක්තෝබර් අතර තියනවා.

    එනිසා අපි මේ රටේ පොලිස් නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට කියන්නෙ දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ අවසාන කාලෙ ලබාදෙන වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. මතකනෙ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ TRC සභාපති අනුෂ පැල්පිටට හිරේ යන්න වුණා”

    එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 1967 වසරේ උපන් අයෙකු වන අතර ධම්මික පෙරේරා මහතා ද 1967 වසරේ උපන් අයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 1968 වසරේ උපන් අයෙකි. ඒ අනුව ඔවුන් තිදෙනාම වයස අවුරුදු 60 ට අඩු දේශපාලනඥයින් ය.

    RN

  • ධම්මික පෙරේරා ඉල්ලුවොත් හොඳ අපේක්ෂකයෙක් – මහින්ද රාජපක්ෂ (VIDEO)

    ධම්මික පෙරේරා ඉල්ලුවොත් හොඳ අපේක්ෂකයෙක් – මහින්ද රාජපක්ෂ (VIDEO)

    ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු හොඳ අපේක්ෂකයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

    මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) කොළඹ, පදනම් ආයතනයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

    RN

  • අපි අපේක්ෂකයින් 4ක් සලකා බලනවා. ධම්මික අනිවාර්යයෙන් ඒ අතර ඉන්නවා – පොහොට්ටු මහලේකම් (VIDEO)

    අපි අපේක්ෂකයින් 4ක් සලකා බලනවා. ධම්මික අනිවාර්යයෙන් ඒ අතර ඉන්නවා – පොහොට්ටු මහලේකම් (VIDEO)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයින් සිව්දෙනෙකු පිළිබඳ සලකා බලමින් සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා අනිවාර්යයෙන්ම එම අපේක්ෂකයින් සිව්දෙනා අතර සිටින බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

    ප්‍රශ්නය – ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියලා ?

    “ඔබ ඔය කියපු කාරණය සම්බන්ධයෙන් මට ඒක සත්‍යයයි කියන්නත් බෑ, ඒක අසත්‍යයයි කියන්නත් බෑ. ඒකට හේතුව තමයි පක්ෂයක් හැටියට අපි තවම මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද කියන එක තීන්දුවක් අරන් නෑ. එය මේ රටේ ඉදිරි අනාගතය ගොඩනඟන්න පුළුවන් ශක්තියක් ඇති, මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාවක් ඇති දක්ෂ නායකයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒක පක්ෂය තීන්දු කරපු දවසට අපි ඔබට දැනුම් දෙන්නම්. එතකල් ඔය කාරණය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නෙ පක්ෂය තවම තීන්දු කර නැත කියලා”

    ප්‍රශ්නය – ධම්මික පෙරේරා මහත්මයා වෙන්න පුළුවන් කියන එක නේද ඔබතුමා කියන්නෙ ?

    “අපි ඉතා පැහැදිලිව කියන්නෙ අපට අපේක්ෂයෝ තුන්දෙනෙක්, එහෙම නැත්නම් හතර දෙනෙක් අපි මේ අවස්ථාවේ සලකා බලමින් ඉන්නවා. ධම්මික පෙරේරා මහත්මයාත් අනිවාර්යයෙන් ඒ අපේක්ෂකයින් අතරින් එක් අයෙක්. එතකොට අපි ඊළඟ ජනාධිපතිවරණය ආසන්නයේ නිසි වේලාවේදී, සුදුසුම, ජයග්‍රහණය කරන්න පුළුවන්, හොඳම අපේක්ෂයා තමයි අපි ඉදිරිපත් කරන්නෙ”

    සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

    RN

  • BREAKING NEWS : පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට !

    BREAKING NEWS : පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට !

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ අංක එකට පැමිණි ධම්මික පෙරේරා මහතා දෙස් – විදෙස් ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කටයුතු සිදුකර ඇති, ඒ ඔස්සේම ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනාවක් ගැන හැදෑරීම් කර අත්දැකීම් ද ඇති අයෙකි. එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියැවෙන අපේක්ෂකයින් අතරින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නිශ්චිත, ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමග ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ ද ධම්මික පෙරේරා මහතා පමණි.

    ධම්මික පෙරේරා මහතා මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත.

    ඒ මහතා විසින් 2019 වසරේදී ආරම්භ කරන ලද ඩීපී එඩියුකේෂන් සමාජ සත්කාරක වැඩසටහන ඔස්සේ මෙරට පාසල් දරු දැරියන් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙමින් සිටින අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් බිහිකිරීමේ අරමුණින් 2023 වසරේදී ආරම්භ කළ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහන ඔස්සේ මේ වනවිට තවත් සිසුන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට රැකියා ඉලක්කගත පරිගණක භාෂා අධ්‍යාපනයක් ලබාදෙනු ලැබේ.

    RN

  • ධම්මිකගෙන් සිලිකන් වැලී අයි.ටී. ඔෆීස් …

    ධම්මිකගෙන් සිලිකන් වැලී අයි.ටී. ඔෆීස් …

    ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් තුළින් ඉගෙනුම ලබන සිසුන් රැකියා වෙළඳපලට යොමු කිරීමට ඩීපී සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් ආරම්භ කිරීමට ධම්මික පෙරේරා මහතා සැරසෙයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩී.පී.එඩියුකේෂන් විසින් නුවරඑළිය ශ්‍රී සීතවනාරාමයේ නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයේ විවෘත කළ “ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ශාඛාවේ ඉගෙනුම ලබන ව්‍යාපෘති සම්පූර්ණ කල සිසුන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 1200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 2023 නොවැම්බර් මස 11 වනදා උත්සවශ්‍රීයෙන් නුවරඑළිය නගරශාලාවේදි පැවැත්වුණි. එහිදී 2023 ළමාදිනයට සමගාමීව පැවැත්වුණු කෝඩින් තරඟාවලියේ ජයග්‍රාහකයකුට හිමි ත්‍යාගයක් පිරිනැමීමද සිදුවුණි.

    මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා, නුවරඑළිය කටුමාන සීතවනාරාම විහාරාධිපති, සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති, රාජකීය පණ්ඩිත දර්ශනපති, පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන හිමි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

    මෙහිදී ප්‍රධාන දේශනය සිදුකළ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා ඩීපි එඩියුකේෂන් අයි.ටී. කැම්පස් තුලින් ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන දැනුමේ ඇති වැදගත්කම පැහැදිලි කළ අතර මේ වන විටත් පාසල් සංවර්ධනය වෙනුවෙන් පාසල් 675ක ස්මාර්ට් ක්ලාස් රූම් පිහිටුවා ඇති බව පැවසීය. දැයේ දූ දරුවන්ගේ ඩිජිටල් අධ්‍යාපනය තුළින් ඉහළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ ධම්මික පෙරේරා මහතා ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් 92ක් දිවයින පුරා විවෘතව ඇති බවත් එම කැම්පස්වල සිසුන් 80000කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන බවත්, ඊට අමතරව සිසුන් 125000කට අධික ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමයෙන් ඉගෙනුම් ලබන බවත් වැඩි දුරටත් සඳහන් කළේය. තමන්ගේ ඉලක්කය දරුවන් මිලියනයකට ඩිජිටල් අධ්‍යාපනය ලබාදීම බවත් එයින් 20%ක ප්‍රමාණයකට මේ වන විටත් අධ්‍යාපනය ලබාදෙමින් සිටින බවත් පැවසීය.

    ධම්මික පෙරේරා මහතාගේ දේශනයේ ප්‍රධාන වශයෙන් සඳහන් වූ කරුණක් වන්නේ, ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් තුළින් අධ්‍යාපනය ලබන සිසුන්ට රැකියා වෙළඳපල සඳහා යොමු කිරීමට තමා දැනටමත් සැලසුම් කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන තුළ ඩීපී සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් නමින් මධ්‍යස්ථාන පිහිටුවා ඒවා තුළ ඔවුන්ව ගෝලිය රැකියා වෙළඳපොලේ රැකියා කිරීමට ඉඩ සැලසීමට නියමිත බව පැවසීය. එමගින් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි බවද වැඩිදුරටත් පැහැදිලි කළේය.

    RN