Tag: බදු

Browse our exclusive articles!

විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)

සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.

පිළිගන්න පුළුවන් විසඳුමක් ලැබෙනවානම් වෘත්තීය ක්‍රියාමාර්ග සමාලෝචනය කරන්න ලෑස්තියි! (VIDEO)

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් හා ජනාධිපති ලේකම්වරයා සමඟ ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ජාවේදී අවසන් විසඳුමක් නොලැබුණු අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවත් ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

වැඩවර්ජනයෙන් රෝහල් තුළ ප්‍රතිකාර සේවා බිඳවැටිල – වැඩවර්ජන අපේ තීරණ නෙවෙයි පාලකයන්ගේ ඉල්ලීම (VIDEO)

සංශෝධිත බදු පනත ඇතුළු කාරණා මුල්කරගනිමින් අද (13 ) සිට අරඹා තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අදියර ලෙස එක්ව සිටින අතර ඒ අනුව අද දින බස්නාහිර,මධ්‍යම,නැගෙනහිර සහ දකුණ යන පළාත් තුළ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

බැංකු සේවකයින් කළු ඇදගෙන විරෝධයේ! (VIDEO)

සංශෝධිත බදු පනතට විරෝධය පළකරමින් අද (13) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වී සිටින අතර 15 වැනිදා එම ක්‍රියාමර්ග තීව්‍ර කිරීමට නියමිතය.

බද්දට එරෙහි වෘත්තීය සමිති සටන වරායෙන් ඇරඹෙයි – තීරණාත්මක දින දෙකන් පසු වරායම වැසීමේ සූදානමින් (VIDEO)

සංශෝධිත නව ආදායම් බදු පනතට එරෙහිව වරාය සේවකයින් අද (13 ) සිට 15 වැනිදා දක්වා දින දෙක තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන අතර අසාධාරණ බදු පනත හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් 15 වැනිදා සිට රටම ගන්නා ක්‍රියාමාර්ග සමඟ එකතු වී වරාය වැඩ බිම්වලින් ඉවත්වී වැඩවර්ජනයට යොමුවීමට තීරණය කර තිබෙන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

Popular

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

Subscribe

spot_imgspot_img