මගනැගුම ලොක්කන් දෙදෙනෙකුට කිරිබත් ප්‍රහාරයක් ! (VIDEO)

0
629

මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති යෝගේන්ද්‍ර පෙරේරා මහතාට සහ එහි විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතාට ඊයේ (02) දිනයේදී එම සමාගමේ සේවකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින එම සමාගමේ පෑලියගොඩ කාර්යාලයේ 2023 වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී මෙසේ සේවකයින්ගේ විරෝධය ඔවුන්ට එල්ල වී ඇති අතර ඔවුන්ව පැය 03කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගැනීමට ද සේවකයින් ක්‍රියාකර තිබිණි.

එසේම ඔවුන් දෙදෙනාට කිරිබත් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සේවකයින් කටයුතු කර තිබුණු බව සඳහන්.

පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මැදිහත්ව තත්වය පාලනය කර තිබිණි.

RN