ෆුමියෝ කිෂිඩා ජනවාරි 13 බයිඩන් හමුවෙයි.

Date:

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ජපානයේ ආරක්ෂාව ගොඩනැගීම සහ ද්විපාර්ශ්වික සන්ධානය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජෝ බයිඩන් හමුවීමට එළැඹෙන ජනවාරි 13 වැනිදා වොෂින්ටනයට පැමිණීමට සැලසුම් කර ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියානු ජනාධිපතිවරයා නිරන්තරයෙන් කිසිදු දැනුම් දීමකින් තොරව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමත් චීනය විසින් තායිවානය වෙනුවෙන් මිලීටරි බලය යෙදවීම ආදී කරුණු හේතුවෙන් කලාපීය වශයෙන් ආතතීන් දිනෙන් දින වැඩිවීම ජපානය දැඩි ආරක්ෂක පිලිවෙතකට යාමට මූලින හේතූන් වේ.

මෙම සංචාරය කිෂිඩාගේ පළමු ධවල මන්දිරයේ සංචාරය වේ. මෙම සංචාරයේදී ජපානය සහ එක්සත් ජනපදය ජනවාරි මාසයේදී ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක ප්‍රධානීන් අතර “ටූ-ප්ලස්-ටු” ආරක්ෂක සංවාදයක් පවත්වනු ඇත. එමෙන්ම මෙහිදී 2027 මූල්‍ය වර්ෂය වන විට ජපානයේ ප්‍රති-ප්‍රහාරක හැකියාව වර්ධනය කර ගැනීම ආදී ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගණනාවක් ගැනීමට සූදානම් බව පැවසේ.

එළඹෙන මැයි මාසයේදී G7 සමුළුව සඳහා ජපානය සත්කාරකත්වය දරන අතර අගමැතිවරයා යුක්රේන යුද්ධය, බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව සහ අනෙකුත් මාතෘකා සෙසු නායකයින් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බව අනාවරණය වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...