*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/03

1. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය සහ ඉන්දියාව එකඟ වී නොමැති අතර “පැරිස් සමාජය” ද තවමත් එකඟතාවයකට පැමිණ නැති බව සමගි ජන බලවේගයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජයේ සේයාවක් නොමැති බව ද පවසයි – රජයට ණයහිමියන් සමඟ නිශ්චිත වැඩපිළිවෙලක් නැතැයි අනතුරු අඟවයි – පොලීස අනුපාත සියයට 36 හි පැවතීම පිළිබඳ සිය අවධානය යොමුකරයි – හර්ෂ ද සිල්වා යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීම, ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, බදු ඉහළ දැමීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහ පිරිවැය-මත පදනම් වූ උපයෝගිතා මිල ගණන් වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයකු බව සිහිපත් කළ යුතු ය.

2. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය නැවත ලබා ගැනීම සඳහා අයදුම්කර ඇති බවට ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි – එක්සත් ජනපද රජය තවමත් එම ඉල්ලීම පිළිබඳ සලකා බලා නැති බව ද වාර්තා කරයි – මේ පිළිබඳව හිටපු ජනපතිවරයාගෙන් ද අදහසක් තවම ලැබී නැත.

3. 2022 දෙසැම්බර් 31 දා සිට දුම්රිය කාර්‍ය මණ්ඩලයේ 500 කට ආසන්න පිරිසක් විශ්‍රාම ගැන්වීමෙන් ඇති වූ පුරප්පාඩු හේතුවෙන් දුම්රිය ගමන් වාර 60 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අනතුරු අඟවයි – “සැලකිය යුතු දුම්රිය ප්‍රමාණයක් අවලංගු විය හැකි” බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න තහවුරු කරයි.

4. “ශ්‍රී ලංකාව වැනි රටවල ණය අර්බුදය ගෝලීය ආර්ථිකය නරක ලෙස මවිතයට පත්කරවන තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පෙර චීනය සහ ඉන්දියාව ඇතුළු සාම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන ණයහිමියන් සමඟ සම්බන්ධ වෙමින් එකී රටවල් සඳහා හදිසි ණය නිරාකරණය සඳහා වූ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන බව” එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva ප්‍රකාශ කරයි.

5. පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක.

6. වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, බිත්තර ආනයනය කිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි – ඒ සඳහා පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙයි.

7. තෙල් සංස්ථාව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් (නව මිල රු. 405) සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් (නව මිල රු. 355) පහත දමයි – පෙට්‍රල් සහ අනෙකුත් ඉන්ධන වල මිල නොවෙනස්ව පවතී: ලංකා IOC සමාගම ද තෙල් සංස්ථාවේ මිල අඩු කිරීම් අනුගමනය කරයි.

8. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ගනුදෙනුවට අනුව 2022 දී විශ්‍රාම ගිය රජයේ සේවකයන් 30,000ක් සඳහා වත් ආදේශ ඇතුළත් නොකරන බව රජයේ ඉහළම නිලධාරියෙක් ප්‍රකාශ කරයි – හමුදා සාමාජිකයන් 16,000 කට අධික පිරිසකගේ “තනතුරු” ඉවත් කිරීමට හමුදාව දැනටමත් තීරණය කර ඇත.

9. කාර්යාල වේලාවන් තුළ ජංගම දුරකථන භාවිතා කරන රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න ප්‍රකාශ කරයි – ඇතැම් නිලධාරීන් මහජන සේවාවන් ගැන තැකීමක් නොකර දවසේ වැඩ ආරම්භ කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල සැරිසැරීම පිළිබඳව මැසිවිලි නඟන ලේකම්වරයා, කාර්යාල වේලාවන් තුළ ජංගම දුරකථන භාවිතය පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කිරීම පිළිබඳව ද සලකා බලන බව පවසයි.

10. මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමෙන් රටට හෝ මහජනතාවට සිදුවන සෙත පිළිබඳ ප්‍රශ්න කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර්. විජේසුන්දර රිට් පෙත්සමක් ගොනු කරයි – මැතිවරණය පැවැත්වීම සඳහා රු. බිලියන 10ක මුදලක් වැය කිරීමට සිදුවන බවද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan