ඇමතිවරු හොඳටම කරනවා, එකම කුට්ටම අනන්නේ නැතුව විපක්ෂයේ අයට දෙන්නයැ – ශෂීන්ද්‍ර (VIDEO)

0
293

ඉදිරි කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්‍යවරුන්ගේම විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“මං හිතන්නෙ අතිගරු ජනාධිපතිතුමා තීරණය කරනවා සමහර විෂයයන්වලට අවශ්‍ය විදියට මේ කටයුත්ත නව අමාත්‍යවරුන්ට භාරදෙන්න. මේ ඉන්න අමාත්‍යවරුන්ම තමයි, විෂයය මාරුවීමක් තමයි සිද්ධ වෙන්නෙ”

ප්‍රශ්නය – සමහරු කියනවා මේ එකම කුට්ටම අනලා වැඩක් නෑ කියලා ?

“එකම කුට්ටම අනන්නෙ නැතුව විපක්ෂයේ ඉන්න අයට දෙන්න බෑනෙ ? ඉතින් මේකෙ ඉන්න අයම තමයි මාරු කරන්න වෙන්නෙ. අද වෙනකොට මේ ඉන්න අමාත්‍යවරුන් 30 දෙනාම ජ්‍යේෂ්ඨම අමාත්‍යවරුන්. ඒ තේරීමේ කිසිම ගැටලුවක් තිබුණෙ නෑ. ඒ අමාත්‍යවරුන්ට මොන විෂයය දුන්නත් තමන්ගෙ කාර්යභාරය නිවැරදිව කරනවා. ඉතින් ඒ කටයුත්ත කරන්න අපි ඉඩදීලා බලමු”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here