ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

Date:

වස්සාන කාලයක්
එන්නේ නැත්නම්
පායනා කාලයේ
රැස් කරපු “කන්න දේ”
උත්කර්ෂවත් නැති බව
ගීතයෙන් ගයා කියාදෙන
තණකොළපෙත්තන්
හිඟ කාලයකි මේ !

හිතවත් කුහුඹුව,
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

හිම වැටෙන සීතකාලයක්
එන්නේ නැත්නම්
හිම කබා දෙකට පලා
බුමුතුරුණක්ව බිම එලයි,
කතුරු පහරක් වැදීමෙන්
බැටලු සමකින් වෙන්ව මිය යන
ලොම් අහුරු කිහිපයක
අවසාන කැමැත්තටත්
ඉඩනැති කාලයකි මේ !

හිතවත් බැටළුව,
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

අඳුරු වංකගිරියේ මල් උයන හමුවී
එක මලක් නෑර රොන් උරා පැස පුරවා
නැවත හැරී ජනපදයට යන්න යන්නකොට
හැරෙන හැරෙන පැත්තට හිරවෙන
ඉබාගාතේ දුවන බඹරුන්ට පාර පෙන්වන
තාරකාවක් වත් නැති කාලයකි මේ !

හිතවත් බඹරුණි,
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

  • MKCP ශෂීන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...