*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

කඹයක් නැති කඹ අදින සූරියෝ

මෙවර ජාතික කඹ ඇදීමේ සූරතාවයෙදි යුද හමුදාව සිය ආධිපත්‍ය පතුරුවා හැරියත් අවුරුදු 23 න් පහළ කාන්තා තරග අංශයෙදි යුද හමුදාවට බහුතර පාසල් සිසුවියන් පිරිසක් හිටිය කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය පදනම් කරගෙන නිර්මාණය වී ඇති කඹ ඇදීමේ කණ්ඩායමට පරදින්න සිද්ධ වුණා.

කහවත්ත ලංකාවෙ කඹ ඇදීම පටන් ගන්න මොහොතෙ ඉදලම ඒ සමඟ සක්‍රීය පාසලක්.ඒ වර්ථමානයෙත් රත්නපුර දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමයට වගේම ජාතික සංගමයටත් සම්බන්ධ නිමාලි ප්‍රනාන්දු නිසා.ඇය අද පාසලේ ගුරුවරියක් නොවන නමුත්,සිය විශ්‍රාමය වැඩ කරන්න විවේකයට හරවගෙන වර්ථමාන ජයග්‍රහණයන් පිටුපස සිටින දැවන්ත ශක්තිය නිහාල් වික්‍රමසිංහට හයියට ඉන්නවා.


අපි කඹේ ගේන්නෙ පළාත් සභාවෙන්.එතකම් ඉතිං නයිලෝන් කඹ තමයි.


ගමේ කඹ ඇදිල්ල කඹේ ඉදලම වෙනස්.ඒවට වෙනම කඹ තියෙනවා.එහෙම කඹයක් ලංකාවෙ කඹ ඇදීමේ ආරම්භයේ පටන්ම ඉන්න,ශ්‍රී ලංකාව නියෝජනය කරපු ක්‍රීඩිකාවො ඉන්න කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයට නැහැ.පළාත් සභාවෙ කඹය අරං එනවා කියන්නෙ ඒකයි.

ඒ වගෙම තමයි සපත්තු.යුද හමුදා බූට්ස් හරියන බව තමයි දැරියො කියන්නෙ.එකක් රුපියල් හාර දාහයි.එහෙම බලනකොට කඹයටයි සපත්තුවලටයි යන වියදම ලක්ෂයක්.රත්නපුර වගෙ මැණික් ව්‍යාපාරිකයන් බහුල ප්‍රදේශයක,ඒ විතරක් නෙමෙයි මේ පාසලම පාදක කරගෙන නැඟුණු සුළු මට්ටමේ ව්‍යාපාරිකයො හරි ඇති.ඒ අය දහයකට දොළහකට එකතු වුණත් මේ වැඩේ කරන්න පුළුවන්.


නමුත් මැණික් ලැබෙන බිමේ මැණික් වගෙ මේ දරුවො ටික දිහා තවම කවුරුත් දැකලා නැහැ.කඹ ඇදීමට පෝෂණයත් අවශ්‍යය වෙනවා.ශක්තිය වගේම කය සහ මනස ශක්තිමත්ව ඒකාග්‍රතාවය සහිතව රඳවගන්න එක කඹ ඇදීමට අත්‍යවශ්‍ය සාධකයක්. කඹය සහ පාවහන් ප්‍රශ්නය විසඳුණාම ඒක වසර දෙකකට විතර පිරිමහගන්න පුළුවන්.ඊට පස්සෙ මේ දරුවන්ගෙ පෝෂණය ගැන වැඩ පිළිවෙලකට වසරකට සැළසුමක් හැදුවොත් ලක්ෂ එක හමාරක් වගෙ යයි.ඊඨ අඩු වෙන්නත් පුළුවන්.මේ ගාණ රත්නපුර මැණික් ව්‍යාපාරිකයො සංවිධානය කරන විනෝද වැඩ සටහන් ප්‍රමාණයෙන් පොඩි ගාණක් අයින් කරත් කරන්න පුළුවන් වැඩක්.අපි යෝජනා කරන්නෙ කරන වැඩ නරකයි කියන එක නෙමෙයි.ඒව කරන්නෙ ප්‍රචාරයටනම් ජාතික සූරතාවය සමඟ රටම අමතන්න පුළුවන් කෙල්ලො රෑනක් හොඳ ප්‍රචාරන වැඩක්.


ඒ වගෙම තියෙන තත්ත්වය මැද පාසල කළමනාකරණය කරන ගමන් මේ කෙලි රංචුවට විද්‍යාලයෙ විදුහල්පතිතුමා අවශ්‍යයම කාල සීමාවෙ කොහොම හරි පෝෂණීය කටයුතු කරන්න දෙන උදව්වත් මේ ජයග්‍රහණ පිටුපස්සෙ තියෙනවා.මුළු ගුර මඩුල්ලම මේ ක්‍රීඩිකාවන්ට හොඳට උගන්නන්න මහන්සි වෙන එකත් වැදගත්.අධ්‍යාපනය වගෙම කඹ ඇදීමත් සමබරව කරගෙන යන ඔවුන් දුප්පත් වෙන්නෙ ආර්ථික වශයෙන් පමණයි.බොහෝ ගෙවල් එදා වේල වෘත්තීය කරගත් දෙමව්පියන් මත දුවන ඒවා.ඒත් දක්ෂතා අතින් අධ්‍යාපනය සහ ක්‍රීඩාව ජය ගන්නට රට නියෝජනය කරන්නට ඔවුන්ට හැකි වී තිබෙනවා.අවසන් වරට පැවත් වූ දකුණු ආසියාතික කඹ ඇදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරපු අමාලි මෙනුකා මේ අවුරුදු 23 න් පහළ ජයග්‍රාහී කණ්ඩායමෙත් ඉන්නවා.කඹ ඇදීමේ ලාංකේය පුරාවෘත්තයේ අයින් කරන්නම බැරි නමක් ඇති කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ වටිනාකම මැකෙන්න නොදී තියාගන්න රත්නපුරේ හැමෝටම එකතු වෙන්න පුළුවන්නම්,කහවත්ත කියන්නෙ රටට ආඩම්බරය ගේන කෙල්ලන් පොකුරකගෙ නිජ බිමක් වෙයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan