භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින තරග 05 කට හා 20/20 තරග 18 කට සහභාගි වූ භානුක මෑතභාගය තුළ එක්දින හා 20/20 තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. මේ නිසා භානුකගේ හදිසි සමු ගැනීම ක්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරන තීරණයක් වනු ඇත.

මේ අතර එක්දින හා 20/20 තරග වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව දැනුම් දී තිබෙනවා.

නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී භානුක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරා කටයුතු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...