*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හෙට කළුවර නෑ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය සේවය කෙරෙහි බලවත් විශ්වාසයකින් ක්‍රියා කරන නායකයෙකි. ලොව ඇති කිසිදු ආර්ථික ආයතනයක් හෝ මූල්‍ය සමාගමක් හෝ රාජ්‍ය සේවය ප්‍රසාරණය කිරීමට කැමැති නැත. බලවත් රටවල පවා ක්‍රමය වී ඇත්තේ රාජ්‍ය සේවය සෙමෙන් කප්පාදු කිරීමය. එහෙත් ගෝඨාභය ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙන් රට ගොඩනැඟිය හැකි බවය. මැලේසියාව ගොඩනැඟූ මහතීර් මොහොමඩ් මහතා ද ඊට සමාන අදහස් දරමින් එරට රාජ්‍ය සේවය ශක්තිමත් කළේය. ලොව ඇති හොඳම රාජ්‍ය සේවාවලින් එකක් මැලේසියාවට හිමි වී ඇත.

රාජ්‍ය සේවයේ නියුතු සියලු දෙනාටම අමතර රුපියල් පන්දහසක් මාසිකව ගෙවීමට තීරණය කර ඇත. ජනවාරියේ සිට ගෙවීම් ආරම්භ වෙයි. රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සේවක ප්‍රජාව ද ඊට අයත් වේ. සමස්තයක් ලෙස ගත් කල ලක්ෂ පහළොවකට ආසන්න පිරිසකට ඉහත ගෙවීම ලැබේ. විශ්‍රාමික වැටුප් හිමි අයට ද, ආබාධිත සොල්දාදුවන්ට ද ඉහත ගෙවීම දීමට නියමිතය. විශ්‍රාම වැටුප් ලබන පිරිස ලක්ෂ හයකට වැඩිය. මෙලෙස වැටුප් ලබන අයගේ පවුල් නඩත්තුව දෙස බලන විට රටේ ජනගහනයෙන් සැලැකිය යුතු පිරිසක ප්‍රතිලාභ ලැබීමට නියමිත බව කිව යුතුය. මේ තීරණය ජනතාවගේ පැත්තෙන් බලන කල අතිශය සහනදායී එකක් බව කිව යුතුය.

ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින්නේ පොදු ජනතාවගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පඩි වැඩි කිරීමක් හෝ අමතර ගෙවීමක් දීමට හෝ උත්සුක වන ලෙසය. පෞද්ගලික අංශයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ඍජු බලපෑමක් කිරීමේ හැකියාව ආණ්ඩුවට නැත. එහෙත් ඒ සඳහා පෞද්ගලික අංශයට බලපෑම් කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇත. කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය රජය දී ඇත. කොවිඩ් සමය තුළ ව්‍යාපාර පවත්වා ගැනීම අසීරු වූ අතර, එම ව්‍යාපාරවලට අවශ්‍ය මූල්‍ය සහයෝගයදීමට රජය ක්‍රියා කළේය. මේ අනුව රජයේ ඉල්ලීම් කෙරෙහි සලකා බැලීමේ යුතුකමක් සමාගම්වලට තිබේ.

මේ සහන පැකේජයෙන් වතු කම්කරු ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම තවත් වැදගත් ලක්ෂණයකි. වතු කම්කරුවන් උදෙසා ආහාර සහනාධාරයක් දීමට ද, සමෘද්ධිලාභීන් සඳහා අමතර රුපියල් දහසක් ගෙවීමට ද රජය තීන්දු කර තිබේ. රටේ දිළිඳුම ජන කණ්ඩායම් දෙක ලෙස වතු කම්කරුවන් හා සමෘද්ධිලාභීන් නම් කළ හැකිය. ආර්ථික දුෂ්කරතා වැඩියෙන්ම දැනෙන්නේ එම පවුල්වලට යැයි ද කිව හැකිය. මේ පවුල්වලට වඩාත් වැදගත් වන්නේ යැපුම් මට්ටම් ශක්තිමත් කිරීමය. සමෘද්ධි දීමනාව රුපියල් තුන්දහස් පන්සියයක් වන අතර, මේ මාසයේ සිට එය රුපියල් හාරදහස් පන්සියය දක්වා ඉහළ යනු ඇත. රජය දිළිඳුම ජන කණ්ඩායම් අමතක කර නැත.

තවත් වැදගත් තීරණ දෙකක් තිබේ. පළමුවැන්න දිවි නැඟුම වැඩසටහන යළි පණගැන්වීම සඳහා ක්‍රියා කිරීමය. දෙවැන්න ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමය. දිවි නැඟුම සාර්ථක කර ගැනීම සඳහා වගාකරුවන්ට ආධාර මුදලක් දෙයි. මේ මඟින් රටේ එළවළු හා පලතුරු අවශ්‍යතා සපුරාගත හැකිය. ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉවත් කිරීම යනු ජීවන බර අඩුවීම සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගයකි. වී කිලෝවක් රුපියල් හැත්තෑ පහක සහතික මිලකට ගැනීමට ද රජය ඉදිරිපත් වෙයි. ගොවියා ද අමතක කර නැත. අපේ හෙට දවස නරක නැතැයි කිව හැකිය.

ඇත්ත Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan