තවත් පැය කිහිපයකින් ගමනාන්තයට යන Aditya – L1

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aditya – L1 යානය ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම වන අතර තවත් පැය කිහිපයකින් ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (06) ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO නිවේදනය කර ඇත්තේ Aditya – L1 යානය අභාවකාශයේ සිට සුර්යයා ඉතා ආසන්නයෙන් නිරීක්ෂණ කළ හැකි ස්ථානයක තැබීමට උත්සහ කරන බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 2 වනදා Aditya – L1 යානය කක්ෂගත කළ අතර එතැන් සිට සිට මාස හතරක් තිස්සේ යානය සූර්යයා දෙසට ගමන් කරමින් සිටී.

Aditya – L1 යානය ගමන් ආරම්භ කළේ ,සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බසින ලද පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වීමෙන් පසු දින කිහිපයකිනි.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන සූර්යයාගේ නමින් වන අතර ඔහු ආදිත්‍ය ලෙසින් හඳුන්වයි.

එමෙන්ම L1 යනු Lagrange point 1 යන්නයි එනම් සූර්යයා සහ පෘථිවිය අතර යානය ගමන් කරන නිශ්චිත ස්ථානයයි.

අද (06) දින Aditya – L1 මෙහෙයුම සාර්ථක වුවහොත් ඉන්දියාව සූර්යයා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින තෝරාගත් රටවල් සමූහයකට එක්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ආදිත්‍ය-L1 විසින් මේ දක්වා එවන ලද සූර්යයාගේ ඡායාරූප මගින් සූර්යයාගේ ප්‍රභාගෝලය සහ වර්ණගෝලය පිළිබඳ අවබෝධයක් ලබා දෙන බව ISRO පවසයි.

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....