හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ප්රචාරණ යාන්ත්රණයට සම්බන්ධ වූ ඉහළ පෙළේ පුද්ගලයෙකු මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින බව රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම පසුගිය යහපාලන රජය සමයේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් සිරිලිය සවිය සහ මිග් යානා ගනුදෙනුව වැනි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට චෝදනා එල්ල වූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ක්රියාත්මක නොවීම සඳහා මැදිහත් වූ බවද ඔහු මෙහිදී හෙළිකර තිබීම විශේෂත්වයක්.