ගිය වසරේදී දිනකට එකෙකු බැගින් වනඅලි මිය ගිහින් !

පෙර වසරට සාපේක්ෂව 2021 වසරේදී අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මෙන්ම මියගිය වනඅලි සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වසරේදී අලි-මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 2021 වසරේදී එම ප්‍රමාණය 141 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2020 වසරේදී වනඅලි 327 ක් මියගොස් ඇති අතර 2021 වසරේදී එම ප්‍රමාණය 369 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දෛනිකව අවම වශයෙන් එක් සත්වයෙකුගේ හෝ ජීවිතය අහිමි වී ඇත.

පසුගිය වසරේදී වනඅලි වැඩි ප්‍රමාණයක් මියගොස් තිබෙන්නේ හක්කපටස් හේතුවෙන් වන අතර එම ප්‍රමාණය 68 කි. ඊට අමතරව විදුලිසැර වැදීම හේතුවෙන් 65 ක්, වෙඩි තැබීම් හේතුවෙන් 45 ක්, විෂ ශරීරගත වීම හේතුවෙන් 04 ක් වශයෙන් වනඅලි මියගොස් තිබේ.

වාර්ෂිකව සිදුවන වනඅලි මරණ බහුතරයකට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව පෙන්වා දෙන වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ වසරින් වසර අහිමි වන වනඅලි ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවයි. ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වීමත් සමග වනඅලින්ගේ වාසභූමි ක්ෂය වෙමින් තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වනඅලි නිරන්තරයෙන් මිනිස් වාසභූමි වෙත කඩාවදිමින් සිටී.

මෙම ගැටලුව සඳහා නිශ්චිත විසඳුම් යෙදීමට අසමත් වීම හේතුවෙන් දිනෙන් දිනම අලි-මිනිස් ගැටුම් ඉහළ යන අතර ඉතා වේගයෙන් රටේ අලි සම්පත ක්ෂයවෙමින් තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...