රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජබේ එක්සත් ජාතීන් හමුවට! (VIDEO)

Date:

සිරගත සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද (10) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත සන්දේශයක් භාර දෙන ලදී.

රාමනායක මහතාට නිදහස ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සැලකිල්ලක් නොමැති වීම නිසා මෙලෙස ඔහුව නිදහස් කරගැනීම වෙනුවෙන් මැදිහත් වන බවයි එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ.

රාමනායක මහතා සිරගත වී සිටින්නේ අපරාධ හෝ දුෂණ වංචා වලට හෝ සම්බන්ධ වී නොව අදහස් ප්‍රකාශ කිරීමේදී අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට වන චෝදනාව මත බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අපරාධ වලට සම්බන්ධ නොවුණු දේශපාලනඥයෙක් ලෙස රන්ජන් රාමනායක මහතාට පොදු සමාව දිය හැකි වුවත් ජනාධිපතිවරයා ඒ ගැන අවධානය යොමුකරන බවක් දක්නට නොමැති බව රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...