රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජබේ එක්සත් ජාතීන් හමුවට! (VIDEO)

Date:

සිරගත සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද (10) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත සන්දේශයක් භාර දෙන ලදී.

රාමනායක මහතාට නිදහස ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සැලකිල්ලක් නොමැති වීම නිසා මෙලෙස ඔහුව නිදහස් කරගැනීම වෙනුවෙන් මැදිහත් වන බවයි එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ.

රාමනායක මහතා සිරගත වී සිටින්නේ අපරාධ හෝ දුෂණ වංචා වලට හෝ සම්බන්ධ වී නොව අදහස් ප්‍රකාශ කිරීමේදී අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට වන චෝදනාව මත බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අපරාධ වලට සම්බන්ධ නොවුණු දේශපාලනඥයෙක් ලෙස රන්ජන් රාමනායක මහතාට පොදු සමාව දිය හැකි වුවත් ජනාධිපතිවරයා ඒ ගැන අවධානය යොමුකරන බවක් දක්නට නොමැති බව රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...