Sunday, December 3, 2023
spot_img

Latest Posts

අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවීමත් ඩොලර් අර්බුදයට එක හේතුවක් – අගමැති

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් රටින් පිටතට ගලායන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු කළේ රටින් පිටතට ගලායන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා බවත්, මේ වනවිට එම උත්සාහය යථාර්ථයක් බවට පත්ව ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගිවෙමිනි. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සහ විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීම සඳහා මෙම උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කළේ මෙතෙක් පැවති ආරක්ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 09 ට අමතරව තාක්ෂණ පීඨයක්ද අලුතින් ආරම්භ කිරීමට හැකි වී ඇති බවයි. මේ හරහා විදෙස් විශ්වවිද්‍යාල වෙත යන දහස් ගණනක් සිසුන් රටතුළ රඳවාගෙන ජාත්‍යන්තරව පිළිගන්නා උපාධියක් ඔවුන්ට ලබාදීමට හැකි වී ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මේ වනවිට දේශීය සිසුන් පමණක් නොව විදේශීය සිසුන් පවා ආකර්ශනය කර ගැනීමට සමත් වී ඇති බවත් ඒ හරහා මෙම විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව ඇති බව තහවුරු වන බවත් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරමින් එම පද්ධතියට ඇතුළුවීමට අවස්ථාව නොලබන දරුවන් වෙනුවෙන් අවස්ථාව ලබාදීම සඳහා මෙවැනි විශ්වවිද්‍යාල ඇති කිරීම හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයට බවට පත් කිරීමේ සංකල්පය යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බවද අගමැතිවරයා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.