*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බැසිල් සැරසෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් හාන්සි කරන්නද? (VIDEO)

මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට ගැනීම රජය තීරණයක් ගෙන ඇති බව දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඊට අදාළව පසුගිය දෙසැම්බර් 07 වැනිදා රජයේ ගැසට් පත්‍රයේ එම අදාළ කෙටුම්පත නීතිගත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මත්පැන්, සිගරට්, වාහන, විදුලි සංදේශ සේවා, ඔට්ටු හා සූදු බදු, කැෂිනෝ බදු ඇතුළු බදු වර්ග ගණනාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් වශයෙන් නම් කර වෙනම පනත් කෙටුම්පතක් සම්මත කර භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්ගේ අධීක්ෂණය යටතේ විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීමට සැරසෙන බවට උදයසිරි මහතා අනාවරණය කළේය.

රටේ බදු අදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව හා සුරා බදු දෙපාර්තමේන්තුව මෙතෙක් කාලයක් පාලනය වුණේ භාණ්ඩාගාරය යටතේ වන හෙයින් දැන් මෙලෙස විශේෂ බදු ඒකකයක් නම් කර බදු වර්ග කිහිපයක් එයට ඇතුළත් කිරීම ගැන සැකයක් පවතින බවද හෙතෙම සඳහන් කරන ලදී.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු බදු සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසා 2019 වසරට සාපේක්ෂව 2020 වර්ෂයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු.කෝටි 60,000ක අදායමක් අහිමි වූ බවයි උදයසිරි මහතා කියාසිටියේ.

එමෙන්ම බදු ලිපිගොණු ලක්ෂ 06කට වැඩි ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වී තිබේ.

වර්තමාන ආර්ථික කඩා වැටීමට, ණය ගෙවා ගැනීමට නොහැකි වීම, ණය දෙන ආයතනවල වර්ගීකරණවල පහළට වැටීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ටික හෝ ආනයනය කරගැනීමට නොහැකි වීම යන කරුණු වලට බලපා ඇත්තේ පැහැදිලි ලෙසම රජයේ අදායම ප්‍රමාණවත් නොවීම නිසාබවද උදයසිරි මහතා පැවසුවේය.

මෙවැනි තත්ත්වයකට පත්වුනේ මුදල් අමාත්‍යාංශය විසින් ගත් වැරදි තීරණ හේතුවෙන් බවද ඔහු කියාසිටියේය.

අලුතෙන් තීන්දු තීරණ ගන්න විට ඒවා ගැන බදු විශේෂඥයින්ගෙන් නොවිමසන අතර වෘත්තීය සමිති සමඟද සාකච්ජා නොකරන බවටයි ඔහු ආණ්ඩුවට චෝදනා කළේ.

පවතින තත්ත්වය අනුව අකාර්යක්ෂම ආයතනය වන්නේ මුදල් අමාත්‍යාංශය බවයි ඔහු පැවසුවේ.

2019 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. බිලියන 1025ක අදායමක් උපාය දී ඇති අතර එය 2020දී රු.බිලියන 424කට කඩ වැටුණ බවත් ඊට ප්‍රතිපත්ති සම්පාදකයෝ වගකිව යුතු බවත් පැවසූ උදයසිරි මහතා වැඩිදුරටත් කියාසිටියේ නව බදු කෙටුම්පත හරහා එම අදායම් ඒකාබද්ධ අරමුදලට බැර වෙන ආකාරය ගැන හෝ පැහැදිලි බවක් නැති බවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan