චම්පිකගේ රෝගී තත්වය ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණය නියෝග කරයි

Date:

රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවා තිබිණි. කෙසේ නමුත් නඩුවේ විත්තිකාර චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයා වකුගඩු රෝගය ඇතුළු රෝග කිහිපයකින් පෙළෙන බැවින් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳව සොයා බලන ලෙසයි.

එම ඉල්ලීම පිළිගනිමින් චම්පික රණවක මහතා රෝගී තත්වය පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙම නියෝගය නිකුත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...