චම්පිකගේ රෝගී තත්වය ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණය නියෝග කරයි

Date:

රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවා තිබිණි. කෙසේ නමුත් නඩුවේ විත්තිකාර චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයා වකුගඩු රෝගය ඇතුළු රෝග කිහිපයකින් පෙළෙන බැවින් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳව සොයා බලන ලෙසයි.

එම ඉල්ලීම පිළිගනිමින් චම්පික රණවක මහතා රෝගී තත්වය පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙම නියෝගය නිකුත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...