*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

නෙළූ රන් රෝස සුවඳ ඉතිරි කර බැස ගිය ගුරු තරුව …

ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ දෙවැනි ගුණසමරුව අදට (12) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

වෘත්තියෙන් නළුවෙකු, කථිකාචාර්යවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ කලාශූරී, කලා කීර්ති, ආචාර්ය කෙසෙල්පේ මනතුංග ජයලත් මනෝරත්න නම් අසහාය ප්‍රතිභාපූර්ණ කලාකරුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපන්නෙකි.හෙතෙම සිය නිවැසියන්ගේ අසීමිත ආදරය හා රැකවරණය ලබමින් ජීවත්වූ වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔහුගේ වචනයෙන්ම එය මෙසේය.

“ස්වභාව සෞන්දර්යයෙන් අනූන, නිස්කලංක පරිසරය සහ සාධු ගැමි ජනතාව පැතිර ගිය දෙහිපේ අති සුන්දර ගම්මානය, ළමා දිවිය සතුටින් පුරවා තැබුවා. භෞතික ජීවිතයේ දුෂ්කරතා, අගහිඟකම්, අභියෝග කොතෙක් වුවත් අම්මා, තාත්තා සහ වැඩිමල් සොයුරු සොහොයුරියන්ගේ ආදරය, රැකවරණය මැද ජීවිතය අතිශය සුරක්ෂිත වුනා.”(jayalathmanorathna.org )

සිය සම වයසේ දරුවන් හා රස විදි සොකරි හා සඳ කිඳුරු නාට්‍ය නිවසේ රඟ දැක්වීම ඔහුගේ විනෝදාංශය වූ අතර එය ඔහුගේ රංගන දිවියේ ආරම්භයද විය. දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය හා පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ මනෝරත්නයන් දක්ෂ කීර්තිමත් ශිෂ්‍යයෙකු මෙන්ම ක්‍රීඩකයෙකු විය. ඔහුගේ මුල්ම වේදිකා නාට්‍ය “අස්ප ගුඩුං” විය.

සරසවි වරම් ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ මනෝරත්නයන්ට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ලැබීමත් සමඟ ඔහුගේ වෘත්තීයමය රංගන ජීවිතය ඇරඹීණි. සරච්චන්ද්‍රයන්ගේ “ප්‍රේමතෝ ජායතී සෝකෝ” නාට්‍ය මනෝරත්නයන්ට ප්‍රධාන චරිතයක් ලද ප්‍රථම නාට්‍ය විය. එතැන් පටන් වෙස්සන්තර, කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා වාගේ ආදී නාට්‍ය රැසකට සම්බන්ධ වීමට ඔහුට හැකි විය. සරච්චන්ද්‍රගේ සිට ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය සිරිමා කිරිබමුණේ, මහාචාර්ය ජේ.බී.දිසානයෙක, කේ.එන්.ඔි.ධර්මදාස ආදි චිර ප්‍රකට මහැදුරන් මෙන්ම දයානන්ද ගුණවර්ධන හා සුගතපාල ද සිල්වා ආදී විශිෂ්ඨයින්ගේ ආභාෂයෙන් ලද ශාස්ත්‍රීය ඥානය ස්වකීය ජීවිතය පෝෂණය කළ බව හෙතෙම පවසයි.

“මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියාපිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී.ඊ.ඊ.ප්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ.බී දිසානායක, මහාචාර්ය ම.ව.සුගතපාල ද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මන්ඩල, මහාචාර්ය කේ.එන් ජයතිලක, මයිකල් ප්‍රනාන්දු, කේ.එන්.ඕ.ධර්මදාස, ඒ.කේ.ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් සුසැදි ආචාර්ය මණ්ඩලය, මුලු මහත් විශ්වයේම දැනුම අප ඉදිරියෙන් ගෙනැවිත් තැබුවා.”(jayalathmanorathna.org )

මනොරත්නයන් විසින් රඟපෑ නාට්‍ය සංඛ්‍යාව 59 පමණ වූ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද නාට්‍ය සංඛ්‍යාව 15කි. කුසලතා සම්පන්න රංගධරයෙකු ලෙස ඔහු විසින් මවන ලද විශිෂ්ට භූමිකා වේදිකා නාට්‍,ය ටෙලි නාට්‍,ය සිනමාව ආදී සෑම පරාසයකම දක්නට ලැබෙයි. ‘ගම්පෙරලියේ’ ජිනදාසගේ චරිතය, ‘ගුරු තරුව’ නාට්‍යයේ සාහිත්‍ය ගුරුතුමා, ‘සඳ අමාවකයි’ නාට්‍යයේ පීටර් අයියාගේ චරිතය, ‘සකිසඳ එළියස්’ නාට්‍යයේ අප්පුහාමිගේ චරිතය, ‘බෝඩිම’ නාට්‍යයේ ජයලත්ගේ චරිතය මේ සඳහා කදිම නිදසුන් වේ. වසර 10ක පමණ රාජ්‍ය සේවයට සමුදී පූර්ණ කාලීනව රංගනයට යොමු වූ මනෝරත්නයන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ රංගධරයෙකි.

1974 රතු හැට්ටකාරි හොඳම නළුවා

1985 පුත‍‍්‍ර සමාගම හොඳම නළුවා

1988 තලමල පිපිලා හොඳම නළුවා

1988 තලමල පිපිලා හොඳම අධ්‍යක්ෂවරයා

1988 තලමල පිපිලා හොඳම පිටපත

1990 සොක‍්‍රටීස් හොඳම නළුවා

1991 ද්විත්ව හොඳම නළුවා

1993 අන්දරේලා හොඳම පිටපත

1995 අන්දරේලා හොඳම නාට්‍යය

1996 ගුරු තරුව හොඳම පිටපත

ඔහු විසින් නිර්මාණය කරන ලද ‘මහගිරිදඹ’, ‘තල මල පිපිලා’, ‘අන්දරේලා’, ‘ගුරු තරුව’, ‘ලෝකය තනි යායක්’, ‘හඬ නිහඞ’ යන නාට්‍ය සම්මානයන්ට පාත්‍ර වූ ඒවා විය. ඔහු විසින් සංස්කරණය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව විස්සකට අධිකය. ඔහුගේ විශේෂත්වය වන්නේ රංගනය පිළිබඳ කියැවීමක් ,හැදෑරීමක් සහිතව මනා අවබෝධයකින් එහි නිරතවීමයි.

පුතිභාසම්පන්න කවියෙකු ලෙස ද මනෝරත්නයන් විසින් 80 දශකයේ සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමඟ ‘දොලොස්මහේ පහන’ කාව්‍ය සංග්‍රහය මඟින් සිය කාව්‍ය රසිකයන් අතරට ගෙන යන ලදි. ඉන් අනතුරුව ළමුන් වෙනුවෙන් ‘සිංදු බිංදු’ හා ‘ගල්වඩු රාළ’ ආදී නිර්මාණයන්ද ‘දවස තවම තරුණයි,’ ‘මිනිහට නින්ද යන්න ඇති’ ආදී කෙටිකතා බුද්ධදාස ගලප්පත්ති සමඟ සම කතෘත්වයෙන් ලියා පලකර තිබේ.

මනෝරත්නයන් සිය ශාස්ත්‍රීය හැදෑරීම තුළ ‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970-2000’ ලෙස කරන ලද පර්යේෂණ නිබන්ධය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සාහිත්‍ය සූරී සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන ලදි. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් දර්ශන සූරී ආචාර්ය උපාධියක්ද ඔහු වෙත පිරිනමා තිබේ. ඒ් අනුව ආචාර්ය උපාධි දෙකකින් පිදුම්ලද එකම රංගනවේදියා වන්නේ ජයලත් මනෝරත්නයන්ය.

රංගනයට අමතරව විවිධ ක්ෂේත්‍රයන් පුරා විශද වූ කෞෂල්‍යයක් හා ප්‍රතිභාවකින් උපන් හපන්කම් දැක්වූ මනෝරත්නයන් වයස අවුරුදු 71 ආයු වළඳා 2020 ජනවාරි මස 12වන දින ජීවන රඟ මඞලින් සමුගත්තේය.

  • SM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan