*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඩොලර් අර්බුද අස්සේ වැලිත් පිටරටින් ගෙන්නන්න වෙයිද?

වසර කිහිපයක් තුළදී රට තුළ වැලි හිගයක් ඇතිවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විශේෂයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි තොග සපයා ගැනීම ගැටලුවක් වනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

මෙම තත්වය මත ඉදිරියේදී පිටරටින් වැලි ආනයනය කිරීමට සිදුවනු ඇති බවද අමරවීර මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා ගංගාවලින් ලබා ගන්නා වැලි ලබාදීමේ වගකීම බාරගත නොහැකි බවත් ඒ සඳහා මුහුදු වැලි යොදා ගැනීමට හෝ විදෙස් රටවලින් ආනයනය කිරීමට හෝ සිදුවන බවයි ඔහු පවසන්නේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ඇතුළු 2025 වසර දක්වා මෙරට ඉදිකිරීම් සඳහා වැලි ඝන මීටර් මිලියන 57 ක් අවශ්‍ය වනු ඇති බවට ගණන් බලා ඇති අතර ඉන් මිලියන 42 ක් පමණක් සපයා ගත හැකි වනු ඇති බව පරිසර අමාත්‍යවරයා පවසනවා. ඉතිරි ඝන මීටර් 15 ක හිගය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පරිසර අමාත්‍යංශය මේ වනවිට සාකච්ඡා කරමින් සිටී.

දැනට සිදු කරන ගංගාවලින් වැලි ලබා ගැනීමට මෙන්ම ගැඹුරු මුහුදෙන් වැලි කැනීම සඳහාද පරිසරවේදීන්ගේ විරෝධය එල්ල වී ඇති අතර ඉතිරි වී ඇති එකම විකල්පය විදෙස් රටවලින් වැලි ආනයනය බව මහින්ද අමරවීර මහතා පවසනවා.

වැලි හැර ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ගල්, පස්, බොරලු, මැටි ආදිය පිළිබඳව දැනට කිසිදු අර්බුදයක් නොමැති බවද පරිසර ඇමතිවරයා සඳහන් කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan