දෙවන විදෙස් නිල සංචාරයට ජනපති අනුරගේ සූදානම!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ (LNW):

හෙට (14)  සිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල  සංචාරයක නිරත වන අතර, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඒ මහතා සහභාගී වන දෙවන විදෙස් නිල සංචාරය මෙය වේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය දෙරටේ සබඳතා වර්ධනයට වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව, මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චීනය අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (14) සිට ලබන 17 වනදා දක්වා චීනයේ නිල සංචාරයේ නිරත වන අතර, චීන විදේශ අමාත්‍යාංශය මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ බව සඳහන් වේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු චීනයේ නිල සංචාරයක නිරත වන පලමු අවස්ථාව මෙය බවත්, මෙය දෙරටේ සබඳතා වර්ධනයට ඉතා වැදගත් බව ඒ මහතා පෙන්වා දුන් බවත්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෝජියා කුන් මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙම සංචාරයේදී අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ක්ෂී ජින්පින්ග් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, චීන අග්‍රාමාත්‍ය ලී කර්චියෑන්ග් මහතා චීන මහජන ජාතික කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චඕ ලචී යන මහත්වරුන් සමග ද සාකච්ඡා පවත්වන බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

චීන මාධ්‍ය වාර්තා කරන්නේ, අන්‍යාන්‍ය සහයෝගීතාවයෙන් සිය සබඳතා පවත්වාගෙන යන චීනය සහ ශ්‍රීලංකාවට තවදුරටත් සබඳතා වර්ධනය සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය වැදගත්වන බවයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සංවර්ධනය කරමින් දේශපාලන අන්‍යයනොන්‍ය විශ්වාසය තහවුරු කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටින අතර, ඒ තුළින් දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතාව දෙරටටම වැදගත් වන පරිදී තහවුරු කර ගැනීමට හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...