Wednesday, March 22, 2023
spot_img

Latest Posts

ඉදිරි මාස 2 ඇතුළත යුරෝපයෙන් අඩකට කොවිඩ් ආසාදනය වනු ඇති බව WHO අනතුරු අඟව​යි

ඉදිරි සති 6 හෝ 8 ඇතුළත අවම ලෙස යුරෝපයේ අඩකට ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වෛද්‍ය හෑන්ස් ක්ලූග් ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කර තිබේ.

“ඔමික්‍රෝන් සුනාමියක් ලෙස හටගනු ඇත. එය ආරම්භ වන්නේ බටහිරින් ඉන්පසු ඒ සුනාමිය නැගෙනහිරට පැතිරෙන්න ගනීවි. එය ඉතා බිහිසුණු වෙවි” යැයි වෛද්‍ය ක්ලූග් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.

මෙම 2022 වසරේ පළමු සතියේ යුරෝපයේ විවිධ රටවලින් හමුවුණු කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 7 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා ඔමික්‍රෝන් ආසාදිතයන්ය. ඉදිරි සතිවලදී ආසාදිතයන් හමුවීම දෙගුණ තෙගුණ වේවි යැයි විශ්වාස කෙරේ.

OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.