ජෙනින්ග්ස් යයි

Date:

ක්‍රීඩා මාධ්‍ය කේෂ්ත්‍රයේ දැවන්ත ගවේෂකයෙක් සහ විවේචකයෙක් ලෙස ප්‍රකට අන්ඩෘ ජෙනින්ග්ස් සිය දිවි සැරිය නිමා කරේ ක්‍රීඩා මාධ්‍ය ලෝකයට නිර්භීත පාඩම් බොහෝ ප්‍රමානයක් කියා දෙමින්ය.වරක් ජාත්‍යන්තර ඔිම්පික් කමිටුවට එල්ල කළ විවේචනයක් නිසා පස් දින සිර දඬුවමක් පවා විදි ජෙනින්ග්ස් පසුව ඉතිහාසයට එක්වෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ දූෂණ සමාජයට ගෙන ආ අභිත මාධ්‍යකරුවා හැටියටය.

මෙම බ්‍රිතාන්‍ය මාධ්‍යකරුවා උපත ලැබුවේ ස්කොට්ලන්තයේය.ඔහුගේ අදහස්වලට ඔහු කුඩා කළ සිටම ජීවිතය ගත කර කම්කරු පාක්ෂිකයන් බහුල ලන්ඩන් නුවරට ආසන්නවය.එහි තිබූ දේශපාලනික සංවේදිතාවය මතු වූ අපූරු අවස්ථාවක් ලෙස දැකිය හැක්කේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති පදවියට ජුවාන් අනටෝනියෝ සමාරන්චි පත් වූ අවස්ථාවේ දැක් වූ විරෝධයය.ඊට ප්‍රදාන වශයෙන්ම ජෙනින්ග්ස්ට බලපෑවේ සමරාන්චි ස්පාඤ්ඤයේ පැසිස්ට් පාලක ෆ්‍රැන්සිස් ෆැන්කෝගේ පාලනය යටතේ අමාත්‍යවරයේව සිටිමය.

එසේම ජගත් පාපන්දු කේෂ්ත්‍රය සිය ආධිපත්‍යයට නතු කරගෙන සිටි ජෝෂප් බ්ලැ්ලර්ට සිය තනතුර හැර යාමට ප්‍රධාන වශයෙන් හෙළිදරව් වූයේ ඔහු සියබලය පවත්වාගෙන යාමට සන්තෝෂම් ලබා දෙමින් කළ ක්‍රියාවලිය ඇතුළු දූෂණ ගණනාවක් ජෙනින්ග්ස් විසින් හෙළිදරව් කිරීමය.ඒ සියල්ල පෙර ඔහුගේ විවේචනයේ කසකරු බවට පත් වූයේ බ්ලැටර් වෙත එල්ල කළ ප්‍රශ්නයකි.

හේයි බ්ලැට්ර් ඔබ අල්ලසක් අරගෙනම නැද්ද යනුවෙන් ජෙනින්ග්ස් ප්‍රසිද්ධියේ ඇසූ ඒ ප්‍රශ්නය සමඟ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තිබූ දූෂණ තොරතුරු බ්ලැටර් වෙත ගලා එන්නට විය.ඒ ඔහුගේ අවංකකම සහ නිර්භිතභාවය සම්බන්ධයෙන් වූ විශ්වාසය හේතුවෙන්ය.

සියල්ල අවසානයේ ජෙනින්ග්ස් නික්ම යන්නේ සිය ජීවිතයෙන් ක්‍රීඩාවට පමණක් නොව ඔහු ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන්නට පෙර ස්කෝඩ්ලන්ඩ්යාඩ් හී දූෂණ හෙළිදරව් කරමින් තමන් ගෙවූ අවුරුදු 78 ක් ජිවිතයේන් බොහෝ දේ සමාජයේ යහපතට ලබා දෙන්නට සටන් කළ අයෙක් ලෙසය.ඒ නිසා ඔහුගේ ජීවිතයේ අවුරුදු 78 යනු වෙනත් පුද්ගලයෙක්ගේ ජීවිතයේ අවුරුදු 78 ට වටිනා එකක්ය.ජීවිතයට ජීවත්වීමෙන්ම වටිනාකම් එකතු නොවන බවත් ක්‍රියාවේ ඇති වටිනාකමත් කියා දුන් ජෙනින්ග්ස් නික්ම යන්නේ එවැන්නෝ වඩ වඩාත් අවශ්‍යය මොහොතකය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...

ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…

රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...