118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටී.

ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ද මෙම අංකයට ලබාදීමට හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම පැමිණිලි වෙනම කණ්ඩායමක් යටතේ අධීක්ෂණය කෙරෙන බවද ඔහු පැවසූ අතර, ව්‍යාජව තොරතුරු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...