*
Friday, October 25, 2024
spot_img

Latest Posts

118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටී.

ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ද මෙම අංකයට ලබාදීමට හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම පැමිණිලි වෙනම කණ්ඩායමක් යටතේ අධීක්ෂණය කෙරෙන බවද ඔහු පැවසූ අතර, ව්‍යාජව තොරතුරු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan