*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

සුනිල් හඳුන්නෙත්ති ගේ ඉන්දියානු විරෝධී කුණුකන්දල් …

ජවිපෙ නායකයෙක් වන සුනිල් හඳුන්නෙත්ති ධනුස්කොඩියේ සිට ත්‍රිකුණාමලය දක්වා ඉදි කෙරෙන අලුත් පාරක් ගැන කියයි. එයින් ලංකාවේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂාවට එල්ලවන තර්ජනයක් ගැන සඳහන් කරමින් ඉන්දියානු විරෝධය අවුස්සයි. මෙය කරන්නේ ජවිපෙ චන්ද ගොඩ වැඩිකර ගැනීමේ අටියෙනි.

ඉන්දියානු විරෝධය ඇවිස්සීම ජවිපෙට අලුත් දෙයක් නොවේ.ජවිපෙ උපතේ සිට එහි පන්ති පහෙන් එකක් වූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ නම් පංතියෙන් අවුස්සන ලද ඉන්දියානු විරෝධය අදත් එලියට බසින්නේ සිංහල ජනතාවට කාවද්දන ලද ද්‍රවිඩ විරෝධය මුවහත් කිරීම චන්දයකදී වාසි සහගත වන බැවිනි.ඓතිහසිකව එයින් ඉන්දියානු වතුකම්කරු ප්‍රජාව මෙන්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව සමග සිංහල ජනතාව ඇතිකරගන්නා සමගිය විනාශ කොට ඔවුන්ට එරෙහිව තිරශ්චින යුධයකට පවා තම සහයෝගය පල කෙරිණි.දැන් නැවතත් ඉන්දියානු විරෝධය ගෙන එන්නේ ජාතිවාදී ස්ථාවරයකින් ඇතිවන අනර්ථකර ප්‍රතිපල නොතකා හරිමිනි.

ලෝකයේ කිසිම තැනක දෙරටක් අතර අනුමැතියෙන් ඉදිවන පාරක් ස්වාධිපත්‍ය සහ ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන්නේ කෙසේද?රටවල් අතර ඇතිවන පාරවල් ප්‍රගතිය මිස වෙනත් අහිතකර දෙයක් ඇතිවන බවට පවතින් සාක්ෂි මොනවද? මෙවැනි ප්‍රකාශ අයත්වන්නේ පසුගාමිත්වයට සහ පෞරාණික ලිං මැඩි දෘෂ්ටියට මිස මිනිස් ප්‍රගතිය පිළිබඳව ඇති නුතනවාදී අදහස් වලට නොවේ.

ලෝකය පුරාම රටවල් අතර ඉදිවී ඇති මහාමාර්ග පද්ධතිය ජනතාව අතර ආගමන විගමන, සංස්කෘතීන් , හුවමාරුව සහ වෙළදාම ශක්තිමත් කොට හුදකලාව දුරුකර ඇති බව ජවිපෙ නායකයන්ට පෙන්වා දිය යුතුව ඇත.ධනුස්කොඩිය සහ ත්‍රිකුණාමලය අතර ඉදිවන බවට හදුන්නෙත්ති ප්‍රකාශ කරන මාර්ගය ද එවැනි ප්‍රතිපල ගෙනදෙන්නක් මිස අපේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂාවට බලපාන දෙයක් නොවන බවට පැහැදිලි කල යුත්තේ ඔහුගේ ප්‍රරකාශය මැතිවරණයේදී චන්ද ගොඩ වැඩිකර ගැනීමට අරමුණු කර ගන්නා බාල අරමුණු ඇති නිසාය.

  • දයාපාල තිරාණගම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan