හලෝ හයිවේ ….

පෑලියගොඩින් කඩවත වෙනකල් සහ නිට්ටඹුවෙන් පස්සේ දැන් තියන පාරේ නුවරට එළවන එවුන් තමයි දන්නේ හයිවේ එක වැටෙන එකේ තියන ආතල් එක. නැත්නම් මේ වගේ නිවාඩු සීසන් එකක නුවරට යන්න වෙන්නේ අඟලට. ඒ කට්ට කන්නේ දැන් අදක ඊයෙක නෙවෙයි. ඒ නිසා මේකත් එක සිහිනයක්… අපේ කට්ටිය අවුරුදු ගණනක් බලන් හිටපු සිහිනයක්…

පැය පහක් නුවර ඉඳල කොළඹ ගිය එවුන් ඒ කට්ටේ රහ දනනවා. දැන් පොඩි වංගුවක් ගහල ඒ යන වෙලාව පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන් වෙයි.

පොදු ප්‍රවාහනය ගොඩ ගන්න ඕනි, ටුක් ටුක් සීමා කරන්න ඕනි, මිනිස්සු පොදු ප්‍රවාහනයට හුරු කරන්න ඕනි, ආකල්ප වෙනස් කරන්න ඕනි, මයින්ඩ් සෙට් එක හදන්න ඕනි, මේවා වැදගත් වෙන්නේ මධ්‍යම පංතියට විතරයි, ණය කන්ද ගොඩ ගැහෙනවා විතරයි, කෝ අධිවේග වලින් සිද්ද වෙන ආර්ථික සංවර්ධනේ, වගේ කතා නම් තියනවා තමයි. ඒ වුණාට මෙයාල මේ හායි කියන්නේ එයාලගේ ෆැන්ටසි එකට…

කොළඹ ඩිස්කෝස් වල මොනවා කිව්වත් මේ පැතිවල මිනිස්සු හයි-වේ එක වෙල්කම් කරනවා කියල මට හිතෙනවා. දකුණට විතරක් තිබ්බ දෙයක් දැන් එයාලටත් ඇවිල්ලා. ඒ අවුරුදු දහයකට විතර පස්සේ… කිරෙන් බාලවෙලා තිබිල.

දෙන දෙයක් හැමෝටම දීපල්ලා… හායි කැන්ඩි හයි වේ… වෙල්කම් !

  • මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...