*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නාඩගම්කාරයෝ යනු කෝපිකඩේ මොඩර්න් වර්ෂන් එකද ?

හෙඩිම දැක්ක ගමන් ෆයර් වෙන්න එපා.  මෙහෙම පැහැදිලි කරන්නම්. ඊට කලින් කියන්න දෙයක් තියෙනව. 

1. කොපි කඩේ කියන්නේ කාලයකට කලින් ලංකාවේ ටෙලි ඩ්‍රාමා බලන බහුතරයක් රූරල් ඒරියාස්වල මිනිස්සු පැල් බැඳගෙන බලපු ටෙලියක්. සුවඳල අප්පුවලගේ ජෝක්ස්වලට – ඩිංගි ගජන්ගෙ ජෝක්ස්වලට ටෙලිවිෂන් වීවර්ස්ලා වහවැටිච්ච කාලයක් තිබ්බා. ද ලෝන්ගස්ට් ටෙලි ඩ්‍රාමා ඔෆ් ඒසියා කියලත් කියනවනේ. එනිවේ එදා මෙදා තුර ඒකට දායක වෙච්ච හැමෝටම රෙස්පෙක්ට්. හැමෝටම සැලියුට්. 

2. නාඩගම්කාරයෝ කියන්නේ මේ මොහොතේ හිට් එක. සිවා කියන්නේ කොහොමත් වැඩකරු. සද්ධාත් තමන්ගේ ස්ක්‍රිප්ට් රයිටින් වෙනම ආතල් එකකට ගෙනාපු වැඩක් තමයි මේක. සජිත අනුත්තර, වීවර්ස්ලගේ ඇහැ ගාවට  ඉස්සර ජැක්සන් ඇන්තනීව ලයිව් ගේනවා එකෙන්ම.  මේ මොහොතේ මැච් එක එකසිය ගානට ගහගෙන යන නාඩගම්කරයෝ කෘ එකටත් අපි බොක්කෙන් ලව්. 

දැන් අපි සීන් එකට එමු. අපිට ඕන ලංකාවේ ටෙලිවිෂන් වීවර් ඉල්ලන්නේ මොනවද එයාගේ හාට් එක වැඩකරන්නේ කොහොමද කියල ටිකක් රීඩ් කරගන්න. 

නාඩගම්කරයෝ එකෙන් අල්ලනවා හීනියට පළිඟු මැණිකේ නාඩියකුත්.  මාලන්ගේ කැරැක්ටර් එක දැක්කම අපට මතක් වෙනවා සූරසේන. පට් පට් ගාලා වැඩකරපු සූරසේන. මාස්ටර් පැරණි කලාව කරනකොට මාලන් ටෙලිවිෂන් කරද්දී යුග දෙකක් හැප්පෙන සීන් එකකට යන්න ගියත්.. ස්ටෝරි එක පොඩ්ඩක් වෙන පැත්තකට දැන් ටර්න් වෙලාද කියලත් හිතෙනවා. 

එතකොට කොහෙටද නාඩගම්කරයෝ ටර්න් වුණේ ? අපිට පේන්නෙ නාඩගම්කරයෝ ටර්න් වේගෙන එන්නේ කෝපිකඩේ පැත්තට. (අපිට පේන විදිහ වැරදි වෙන්න පුළුවන්)

නාඩගම්කාරයෝ එකේ තියෙන එලිමන්ට්ස් කෝපිකඩේ එලිමන්ටස් වලට සෑහෙන කිට්ටු නිසා එහෙම වෙනවා වෙන්න පුළුවන්. කෝපිකඩේත් කඩයක් තියෙනවා. ඒ කඩේ ගාව තමයි ගමේ දේවල් රිවීව් කරන්නේ. හාමිනේ වෙනුවට මේකෙ ඉන්නේ මුදලාලි. කෝපිකඩේත් හොඳ කොල්ලෝ තුන්දෙනයි නරක කොල්ලෝ තුන්දෙනයි විහිලු කරන තුන් දෙනයි. මේකේ පොඩ්ඩක් මික්ස් වෙලා යනවා. හැබැයි හොඳ නරක ගැන්සි ඉන්නවා. හාමුදුරුවෝ ඉන්නව. ග්‍රාමසේවක ඉන්නවා. කුරුන් ගුරුන් වෙනුවට සිරිසේන මාමා ඉන්නවා. එයා රට හදන්න ඔපීනියන් දෙනවා. පොලී මුදලාලි වෙනුවට කුකුළා මුදලාලි ඉන්නව, දැන් බින්දුසිරි ඉන්නවා. පාලලා වෙනුවට දියෝගුබදුලා ඉන්නවා.

එතකොට මේ දෙකේ වෙනසක් ඇත්තෙම නැද්ද ඕයි. ඇයි නැත්තේ ? තියෙනව. 

 කෝපිකඩේ නොගිය ඩීප් තැනකට නාඩගම්කාරයෝ යනවා. කෝපිකඩේ කරැක්ටර්ස් ටූ ඩී. නාඩගමේ ත්‍රී ඩී. කෝපිකඩේ හොඳ එකා හොඳම තමයි. හැබැයි නාඩගමේ හොඳ එකාගෙත් නරක ගති පේනවා. නරක එකාගේ හොඳ ගති පේනවානං ටිකක් අඩුයි. 

ඊටත් වඩා ඩීප් දේවල් තියෙනව. අර නිතරම බඩගිනියි කියන ගජමෑන් මොඩර්න් කැරැක්ටර් එකක්. ඊයේ පෙරේද දවසක මුදලාලි බනිනවා මලගෙදරකට දාපු සුදු කොඩිය ගජමෑන් කුඹුරේ ගහල කියල. මුදලාලි අහනව ඇයි උඹ එහෙම කෙරුවේ කියල. ගජමෑන් කියනව “බඩගිනියි“ කියල. එච්චරයි. දැට්ස් ඉට්. ඇට් ද මෝමන්ට් ලංකාවේ ෆාමස්ලගේ ට්‍රැජඩි එක ඊට වඩා ලස්සනට කියන්න පුලුවන්ද ? අන්න එතන තමයි නාඩගම්කාරයෝ ආට් පැත්තෙන් ස්කෝ කරන තැන. එතන තමයි නාඩගම්කාරයෝ කෝපිකඩේව ඕවටේක් කරන තැන.  

අපි කියන්නේ නැහැ මේක නිකන් ප්‍රසන්නගේ හඳගමගේ වැඩක් වගේ ගොඩාක් ඩීප් කරන්න කියල. ඒත් නාඩගම්කාරයෝ කෝපිකඩේ එලිමන්ට්ස් පැත්තට ගොඩාක් ඇදිල යනවට වඩා අනෙක් පැත්තත් බැලන්ස් වෙනවනං baltimoraලා පර්සනලි කැමතියි. 

මෙහෙමයි. රේටින්ග්ස් පැත්තෙන් ඩ්‍රාම එක කටු කඩාගෙන උඩට නගින්නේ කෝපිකඩේ එලිමන්ට්ස් නිසා තමයි. මොකද කෝපිකඩේ බැලුවේ හාඩ්කො ගම්මු වුනාට නාඩගම බලන්නේ නාගරික ගම්මු. ලංකාව කියන ගමට කේට කරන්න ඕන කොහොමද කියල සිවාත් දන්නවා. සද්ධාත් දන්නවා. 

අපි ඉතා ලව් එකෙන් ඉල්ලන්නේ මෙච්චරයි. “ලොක්කා.. රේට් එක කන්සිඩර් කරන්න. හැබැයි ආට් එක මිස් වෙන්න දෙන්න එපා !”

– BALTIMORA  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan