*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඔලිම්පියන්ස්ලාගේ ගමන

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ඔලිම්පික් ක්‍රීඩකයන් එක්ව ඔලිම්පියන්ස් නමින් සංවිධානයක් නිර්මාණය කර ගෙන ඇත.එහි නව නිලධාරි මඬුල්ලේ සභාපතිවරිය ශ්‍රියාණි කුලවංශ ය.ලේකම් සුගත් තිලකරත්න වන අතර භාණ්ඩාගාරික නිම්මි ද සොයිසා ය.දමයන්ති දර්ශා ද උප සභාපති පදවියක සිටියි.ඒ අතර ප්‍රධාන කොට ජුලියන් බෝලිං,අනුරුද්ධ රත්නායක,රුවිනි අබේමාන්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද මෙහි විධායක තනතුරු හොබවති.

මෙහි දී ශ්‍රියාණි කුලවංශ පෙන්වා දුන් ප්‍රධාන කරුණ වුණේ ශ්‍රී ලංකාවෙන් සිඳුවන අඩු ඔලිම්පික් නියෝජනය ය.නමුත් ඇය ඒ පෙන්වා දෙන කරුණ තව දුරටත් විග්‍රහ කිරීමේ දි දැනට නියෝජනය කර ඇති පිරිස් අතර ද වැඩිපුර සිටින්නේ පරිසාධන මට්ටම ඉක්මවා සුදුසුකම් ලැබූ අය නොවේය.ගැටළුව තිබෙන්නේ එතැනට ගමන් කරන්නේ කෙසේද කියා ය.

ඔලිම්පික් උළෙලක් ආසන්න වෙද්දී සහ එය නිමා වූ ආසන්නයේ මේ සම්බන්ධ සියලු දෝෂ වැටෙන්නේ ඔලි්පික් කමිටුවටය.යම් කැපී පෙනෙන යමක් සිදු වූ විට එහි ගෞරවය ක්‍රීඩාවට අදාළ පරිපාලනයට සහ ක්‍රීඩා අමාත්‍යංශයට ය.මේ ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ඕනෑම ක්‍රීඩා උළෙලක හැඩය වන්නේය.

මෙයින් ඔලිම්පික් කමිටුව නිවැරදිම තැන ලෙස හඳුන්වන්න උත්සාහ කරන්නේ නැත.ක්‍රීඩාවට අදාළ පරිපාලන වැරදි කරන්නේන යනුවෙන් හෝ ඒවා නිවැරදිව සිය ක්‍රීඩාවන් මෙහෙයවන්නේ නැති බවට කවුරුන් හෝ චෝදනා කරන්නේනම් ඊට ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් සම්බන්ධය.මන්ද ඒ ක්‍රීඩා සමාජවල නියෝජනයන් ඔලිම්පික් කමිටුව නියෝජනය කරන බැවින්ය.

මේ සියල්ල තිබියදී ඔලිම්පියන්ස් නිර්මාණය විම හරහා ඉතිහාසයේ ඇතැම් ක්‍රීඩාවන් තවත් ක්‍රීඩාවන්ට එල්ල කරන ලද චෝදනා නිශේධනය වන්නේය.උදාහරණයකට ජාතික ඔලිම්පික් කමිටුවල ඉහළ පුටු පත් වෙන්නට ඡන්දය ලබා දුන් නිලධාරි සිටින ක්‍රීඩා සංගම්වලට ජාතික ඔලිම්පික් කමිටුවෙන් විශේෂ සැළකිලි ලැබෙන බව මේ අතරට ගත හැකිය.එය හැමදාම පවතින සියයට සීයක්ම නිවැරදි නැතත් වැරදි නැති චෝදනාවකි.සමහර විට මාධ්‍ය තෝරා ගැනීමේ දී ද මේ තත්ත්වයම බලපාන්නේය.

එහෙත් මේ වසර ගණන් තිස්සේ මේ ආකාරයට අනවශ්‍යය දොල පිදේනි ලබන බවට චෝදනා එල්ල වූ ක්‍රීඩා නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මේ ඔලිම්පියන්ස් විවෘතය.එවිට ශ්‍රියාණි කියන කතාවේ යටිපෙළින් කියැවෙන්නේ සංඛ්‍යාත්මක අඩුවනම් ඉදිරියට ඔලිම්පික් කමිටුව මූලිකව මේ ප්‍රමානයන් වැඩි කර තමන්ගේ හිතවත් ක්‍රීඩා සඳහා අවස්ථාව ලබා දුන්න ද එය ද නිවැරදිය.

එසේම මෙහි ව්‍යහුය කුමක්ද යන්න ඔලිම්පියන්ස්ලා තේරුම්ගත යුතුව ඇත.එයද විවාදාත්මකය.ඔවුන් සුබ සාධන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන්නේනම් එහි ගැටළුවක් නැත.ඊට ආධාර සොයාගෙන ඔලිම්පික් නියෝජනය කළ අයගේ සුබසාධනය සහ වෙනත් සමාජමය කටයුතු කරන්නට යාමේදී සිතිය යුතු පැති කිහිපයක් ඇත.

ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව යන කණ්ඩායම් දෙක අතර තිබෙන ගැටුමට එක් පර්ශවයක් නියෝජනය කරමින් මැදිහත්වීම ඔවුන් අතින් සිදු නොවිය යුතුය.එය ඉතා වැදගත්ය.දැනට මේ ඔලිම්පියන්ස් එකතුවේ ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සමීපතම සඟයන් ද ඇත.ඔවුන්ව කලෙකට පෙර මෙහි සිටින තවත් ඔලි්ම්පියන්ස් සාමාජිකයන් අතින් ප්‍රශ්න කිරීම්වලට ලක් වූවෝය.මේ විරසකවීම් නැවත අභ්‍යන්තරයට ගෙන ඒම නොකළ යුතුය.ඉන් පසුව ඔලිම්පික් නියෝජන වරම වැඩි කර ගැනීම යන්න බෝධි පූජා තබා,දේව කන්නලව් කර වැඩි කර ගන්නට නොගොස් මෙහි සිටින ප්‍රවීනයන් එක්ව සාකච්ඡා කළ යුතුය.

මෙහි සිටින බොහෝ අය ගම් මට්ටමෙන් පැමිණි අයය.ඔවුන් “අද ගම” නැවත අධ්‍යයනය කළ යුතුය.ලෝකය සම්බන්ධයෙන් දැනුම යාවත්කාලීන කරගත යුතුය.ඔලිම්පික් යන්නට ලැබෙන්නේ මොන පදනමක සිට හෝ ඒ මොහොතේ ඒ ක්‍රීඩාවේ සිටින දක්ෂතමයාට යන්න සියයට 99 ට වැඩි ඇත්තකි.ජාත්‍යන්තර මිණුම් දඬු සැළකිල්ලට ගෙන එම තේරීම සිඳුවන අතර ක්‍රීඩාව කවරේද යන්න තෝරා ගැනීම යම් අවුලක් ගත්තද ක්‍රීඩකයා අදාළ ක්‍රීඩාවේ පෙන්වා තිබෙන දස්කම්වලට සැළකිල්ලක් ලැබීම සාමාන්‍යයෙන් සිඳුවන්නකි.

මේ නිසා යම් යම් කාලවල ඒ ඒ ක්‍රීඩාවන් නියෝජනය කළ ශ්‍රී ලංකාවේ දක්ෂතමයන් ඔලිම්පියන්ස් සමඟ සිටින බැවින් තාක්ෂණිකව මේ ක්‍රියාවලිය ක්‍රීඩාවේ හරි පැත්තට හැරවීමේ තල්ලුවකට ඔලිම්පියන්ස්ලාට ඇති ඉඩ කඩ සුවිශාලය.එය කුමන පාර්ශවයක නියෝජිතයන් වී තමන්ගේ කටට සහ බඩට සමීප ව්‍යාපෘති බවට පත් කර ගන්නේද නැද්ද යන්න සිහි බුද්ධිය ඔලිම්පියන්ස්ලා තබා ගත යුතුය.සංඛ්‍යාත්මකව ඔලිම්පික් නියෝජනය වැඩි කර ගැනීමේ උත්සාහයන් අමතක කර ඔලිම්පික් පරිසාධන මට්ටමට පැමිණෙන ක්‍රීඩකයන් අඩුම ගණනේ එක ඔලිම්පික් උළෙලකට පහක් හෝ සාදා ගන්නට හැකි වෙන්නේනම් ගුවන් නැව් පුරවා සෙනඟ රැගෙන යාමට වඩා එය රටට ප්‍රයෝජනවත් වනු ඇත.ආරම්භයේදී ඔවුන් පදක්කම් නැතත් අවසාන පූර්ව වටය,අවසාන වටය දක්වා පැමිණෙමින් ඊ ළඟ පියවරේ සිටින පිරිසට දිරියක් සහිත උත්තේජනයක් සපයනු සැක නැත.

ඒ නිසා සහභාගිවන ගණන වැඩි කර ගැනිමට වඩා පරිසාධන මට්ටම් ඉක්මවා යන පිරිස වැඩි කර ගතහොත් ශ්‍රී ලංකාවට ඔලිම්පික්වලට පෙරාතුව ආසියානු මට්ටමෙන්,දකුණු ආසියානු මට්ටමෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමෙන් ලැබෙන ජයග්‍රහණ වැඩි කර ගන්නට ඉඩ ලැබෙනු නිසැකය.

රණසිංහ මුදියන්සේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan