Tuesday, December 5, 2023
spot_img

Latest Posts

විදුලිබල මණ්ඩලයට ලැබුණු දැවිතෙල් සහ ඩීසල් තොග අදින් අවසන් !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

“දැනට දැවිතෙල් තියෙන්නෙ අපට 18 දිනය දක්වා පමණයි. ඒ වගේම ඩීසලුත් ඒ දිනයෙන් ඉවර වෙනවා. ඊට පස්සෙ තෙල් කොහොමද ලැබෙන්නෙ කියන එක මත තමයි විදුලිය ලබාදීම කොහොමද කියන එක තීරණය වෙන්නෙ.

ජලයෙන් අපි 60% – 70% ක් විදුලිය ලබාදුන්නා පහුගිය මාස දෙකකට විතර ඉස්සරින්. දැන් ඒක 35%කට විතර අඩුවෙලා තියෙන්නෙ. ඒක දිගටම අඩුවේගෙන යනවා. දැනට පුරෝකථනය කරලා තියෙනවා ලබන අප්‍රේල් – මැයි වෙනකල් වර්ෂාපතනයක් ලැබෙන එකකුත් නැහැ කියලා. ඒ නිසා දැනට තත්වය මෙහෙම නම් තව මාසයක් දෙකක් යනකොට තත්වය ඉතාම අවදානම් තත්වයකට යනවා”

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.