*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

කලාවට වැටෙන්න ඕන බ්ලැක් මනී අද බරපතල ලෙස වැර වෙන්නෙ ආගමට – සූරිය සිහබාහු

ඉතිං, ඒ රළු පෙනුමැති වුව ද අපූරු සෞන්දර්යවාදී කවියා සමඟ සංවාදයේ යෙදීම වළක්වා ගැනීමට නොහැකි වන තරමටම ඔහු ඔහුගේ නිර්මාණ කාර්යයට දක්වන කුසලතාවය සහ නිර්මාණාත්මක බව ඔහු සමඟ සංවාදයක් සිදු කළ යුතුමයි කියන තැනටම අපව ගෙන ආවේය….සිය නමේ අර්ථය පරිද්දෙන්ම කවියේත් ගීතයේත් සිංහමය මුද්‍රාවක් තැබූ මේ අපූරු සහෘදයා නමින් සූරිය සිහබාහුය….ඔබ අප කව්රුත් දන්නා යශෝධරා නුඹ කවියකි බුදුන්ගේ සහ රී කන්ඩිෂන් කන්‍යාවිය නමැති ගීත රචනා කළ ගීත රචකයාය.. කවියා ය. මේ නිර්මාණාත්මක ප්‍රාමාණිකයා සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය ආත්මීයව සමෝධානය වුන අක්ෂර ඓක්‍යයයෙහි පෙළගැස්ම සකස්වූයේ මෙලෙසිනි…ඉතිං එන්න අකුරු අතරින් ඇවිද යන්නට…..

එමෙන්ම තවමත් ඔබේ දෙසවන් අතර උක්ත ගීතයන්ගේ දිව්‍යමය පද මාලාව සුසර වී නොමැති නම් මඳකට නතර වී මේ ලින්කු හරහා සම්බන්ධ වී මොහොතකට ඒවා ශ්‍රවණය කර බලන්න…ඔහු දක්ෂයෙක් ද නැති ද යන කාරණාව සාපේක්ෂ විය හැකි බැවින් කිසිඳු නිගමනයකට නොඑළඹින්ම එ කී පැදි අතර මොහොතකට අතරමං වී බලන්න..

Q. ඇත්තටම ඔබ සිංදු රචනා කරන්න කලින් කාව්‍යයකරණයේ නියැළුණු කවියෙක්. නමුත් බොහොමයක් දෙනා දන්නෙ නැතුව ඇති ඔබ නිර්මාණකරණයට පිවිසුණේ කොහොමද? ඔබේ පසුබිම කොයි වගේ ද? කියලා. ඒ නිසා මං කැමතියි මේ සාකච්ඡාව එතනින්ම පටන් ගන්න. ඇත්තටම ඔබ ඔබේ ලිවිසැරිය ආරම්භ කරන්නෙ කොහොමද?

A. පහේ ශිෂ්‍යත්ව පන්තියෙ විශේෂ,කැත අබල පුටුවක මාව වාඩි කරනකොට, ගැහැණු ළමුන් වම්පස පිරිමි ළමුන් දකුණුපස කෙලින්බැලුවොත් ගුරුතුමාඇස් ඉදිරියේ මං,ශීර්ෂවනඅපහසු,මීමැස්මොරය තදකර ලී මේසයඅල්ලා ගෙන ඉන්න කෙනෙක් විදියටයි මං හිටියෙ. මොකද, එවකට පියා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු හේතුවෙන්ඒ විශේෂරැදවුම් භාරයේ නිරුත්තරව හෝරාගෙවන්නට තීන්දුලැබූණු නිසයි .ඉදින්, එය මට මාරාන්තික, අනිසිපීඩනයක් උවත්,ඉඩක්ලද හෑම මිනිත්තු මොහොතක පවා අකුරු ගැට ගසමින් කවි කැබලි ලිය ලියා ගුලිකර දෙපැත්තෙන් කොයි පැත්තකට හෝ විසිකරන පුරුද්ද මට නිරන්තරයෙන් මවෑහුණා.

තරමක් හොද ආතල්…., ඒවාට ඉන්ටවල් එකේදි රමණීය කමෙන්ට් පවා ලැබුන. ඒ විතරක් නෙමෙයි, ඒ දවස් වල හිටිවන කවියෙක් විදියටත්, පද්‍ය ගායනා ඉදිරිපත් කරන්නෙක්විදිහටත් මා ගුරුවරු ඉදිරියේ ජෝක්මය අවුළුපත්සපයන්නෙක් ද වුණා…මං හිතන්නේ මගේ මුල්ම ආර්ට් කෙරුවාවේ පාදම හැදෙන්නෙ එතනින්…

කෙසේ හෝ,මගේ ප්‍රමුඛ මාධ්‍ය කවිය.. මගේ නිර්මාණ වල උපරිකවිත්වයක්තියාගන්න මං උත්සාහ කරන්නේ ඒකයි. ව්‍යුහය එකින් එකට වෙනස් වෙන්නට පුළුවන් උනත් පදනම පාදම තියාගන්නට මං විශාල පරිශ්‍රමයක නිරත වෙනවා..එහි ෆෝර්මැට් එක වෙනස් වුනත් මගේ සියලු ලියවිලි සිද්ද වෙන්නේ කාව්‍යමය ආඛ්‍යන රටාවකට..එහෙම නැති ලියවිලි තිබෙනවා..නමුත් බොහෝ ලියවිලි අර කියූ විදිහටයි ලියවෙන්නෙ.

ඉදින්,මං ලියන එක ගැන පැහැදිලිවම කලින් දැනගෙන හිටියනම් මේ කතාව ලියවෙන් නැති වෙන්න තිබ්බ. මේක මම ලියන විදිහ. අජිත් තිලකසේනයන් කියනව වගේ මේ මගෙ කතා කීමේ විලාසය..මට කියන්න දෙයක් නෑ.. තියෙන්නෙ කතා කීමේ විලාසයක් විතරයි..

Q. මේ ගත වන යුග මොහොත තුළ කාන්තාව පමණක් නෙමෙයි පුරුෂයා පවා මාකටින්සිම්බල් එකක් කියන කාරණාව යථාර්ථයක් විදියට අපිට භාර ගන්න වෙලා තියෙනවා කියලා මං හිතනවා. ඔබට හිතෙන් නැද්ද ඔබේ ලිවිසැරිය තුළදි ඔබ කාන්තාව ගේ භූමිකාව නිරූපණය කරන කිසියම්ම හෝ ආකාරයක් මගිනුත් ඔබත් අවිඤ්ඤාණිකවම හෝ කරන්නෙ කාන්තාවගේ භූමිකාව හරහා ඔබේ ලිවීම මාර්කටින් කිරීමක් කියලා???

ලිවීම කියන එකට ජෙන්ඩ ප්‍රශ්නයක් නෑ..මම මුලින්ම ලියන්නෙ මට සහ මගේ සෞන්දර්ය ප්‍රීතිය උදෙසා..එතනදි ගෑණු ද,පිරිමිද නැත්නම්විශේෂයෙන්ඔබ කියනව වගේ කාන්තාවගේ භූමිකාව හරහා මගේ ලිවීම මාර්කටින්ටූල් එකක්විදියට වැඩකරනවද කියන එක මට අදාළ නෑ. ඒත්ඒක මට අදාළවුනත්මට ගැටළුවකුත්නෑ..මා විකිණිය යුතුයි.නමුත්මගේ සාහිත්‍යශ්‍රමයට සරිලන මුදල කේවල්නොවී. කෙසේ හෝ,ඔබේ ප්‍රශ්නයේ ඇත්ත අදහස අනුව එය මට කරන්නට හැකි නම්මා අතිශයින්ම සන්තෝස වෙනවා..ඔබේ ප්‍රශ්නයට ඒ හැරඅන් කුමක්කියන්නද ? කෙසේහෝ එහිම ආට්මය දිගුවක්විදියට මං මේක මෙහෙම ගන්නම්.

මං හිතන්නෙ මේ මොහොතේ කලාකරුවා සහ කලාව කියන්නේ මාස්ක්‍රවුඩ් එක ඉල්ලන ඉල්ලුමට සැපයුම දෙන හුදු සප්ලයර් කෙනෙක් පමණක් වෙන එක. මං විශ්වාස කරනවා ඉතින් ලේඛකයෝ සහ කලාව එසේ විය යුතූ නෑ…මං හිතන්නෙ කලාව කරන මනුස්සය ආර්ට් එක හරියට කරනව නම් ඒ මනුස්සයගෙ ජීවිතයත් කලාකාමී වෙන්න ඕන කියල. මොකද කලා නිර්මාණයක වටිනාකම පවතින්නෙ කලාකරුවා ජීවත් වෙන සමාජෙට කෙතරම් දුරට පිළිබිබු වෙනවද කියන අදහස අනුව. තවත් අතකට කලාවට වටිනාකම වැලිවේෂන් එක ඇතිවෙන්නෙ කලාකරුවා ජීවත්වෙන වටපිටාවත් එක්ක ඔහු කෙතරම් දුරට හැප්පෙනවද කියන සාධකය එක්ක…

දැන්..ඇත්තටම කලාව පහළ වෙන්නෙ මේ සමාජය තුල නෙ.ඒ හින්ද අපි ඒ සමාජය ගැන සවිඥානික විය යුතූ යැයි මං විශ්වාස කරනවා. ඒත් ඉතිං කලාව කරන අය අමුතූ ගන්දබ්බ, එහෙමත් නැත්නම් ප්‍රබුද්ධ හරි මොනව හරි අදහසක් ඇතුලෙ ඉන්නවනම් ඒක වැරදියි.

ඒක සමහර විට තාර්කික සමාජ සැකසුමට ( සෝෂල් ඕඩර් ) අභියෝග කරන අතාර්කික සෞන්දර්යක්. හැබැයි ඒක ඇතුලෙ තියෙන හොද- නරක දේවල් වල බෙදුම් කඩාගෙන යනව නම් ඒක තමයි මට අනුව ආර්ටි…

මේ ගැන එරික් ඉලයප් ආරච්චිගෙ කලාව සම්බන්ධ කෘතියක තියෙනව මෙහෙම..

දැං මෙඩූසාගේ බය හිතෙන ඔළුව දිහා බලන්න පර්සියුස් වගේ ප්‍රවේශයක් භාවිතා කලා. ඒ කියන්නෙ ඇගේ හිස දිහා එක එල්ලෙ බලන්නැතිව කැඩපතකින් ඒ දෙස බැලීම.එහෙම නැත්නම් ඊට පිටුපා සිටිමින් බැලීම..ඉතිං කලාව කියන්නෙ එහෙම තවත් මාධ්‍යයක් මගින් කෙරෙන පිළිඹිඹුවක්..මේ කැඩපත කියන්නෙත් වෙන මුකුත් නෙමෙයි අපේම දෘෂ්ටිවාදයයි…

කෙසේ හෝ ඔබ කියන මාර්කටින් අදහසෙන් එයින්ම ව්‍යුත්පන්න නොවන ආර්ට් කියන අදහසට ආවොත්,ආර්ට් කියන්නෙ ගණිතය වගේ එකක් නම් නෙමෙයි..ගණිතයේ නම් ලෝකෙ හැමෝම දෙකයි. දෙකයි හතරයි කියල පිළිගන්නව.. නමුත් ආර්ට් වල එහෙම බෑ.. එකිනෙකාගේ වින්දන කලාපයන් එකිනෙකට වෙනස්…ඇත්තටම මම කලින් කීව වගේ අපි ඒ වෙනස ගැනත් සවිඤ්ඤාණික විය යූතුයි, ආර්ට් සම්බන්ධයෙන්…

දැන් පරණ ආර්ථික විද්‍යාවෙ තියනව අවශ්‍යතාව කොතනද තියෙන්නෙ එතැන සැපයුමක් ඇති වෙනව කියල.. ඒත් දැන් වෙලා තියෙන්නෙ සප්ලයි එක කොතනද තියෙන්නෙ හිමින් සීරුව අවශ්‍යතාවයන් නිර්මාණය වෙනව..එක්ස්කිමෝවරුන්ට ෆ්‍රීජ් විකුණන්න හැකි අදහස් ඇති වෙන්නෙ ඒකනෙ.

දැන් මීමි එකක් පවා, එහෙම නැත්නම් වැසිකිළියක අදින බලි කුරුට්ටක් පවා ආර්ට් කියල අපි විශ්වාස කරනව තමයි.. නමුත් සමහර ආර්ට් වලින් කාලය එහෙමත් නැත්නම් ඇටෙන්ෂන්ස්පෑන් එක සෑහෙන්න පටු කරනව. අපේ ටෙම්පො එක වෙනස් කරනව. මේව ශෙයා වෙනව තමයි..බෝ වෙනව තමයි.. අඩුම ස්ක්‍රීන්ෂොට් එකක් විදියට හෝ…ඒකෙත් යම් ගුණ අගුණ දේවල් තියනව තමයි..නමුත්, ඒක නෙමෙයි ආර්ට් කියන්නෙ.. ඇත්තටම ආර්ට් කියන්නෙ හරිම මසාලා වැඩක්.. හරියට කරන් ජොහාර්ගෙ ෆිල්ම් එක්කුයි, රොබඩ් ද නීරෝගෙ ෆිල්ම් එකකුයි, මනිරත්නම්ගෙසරුවත් කඩ පසූබිමකූයි, සහ මලයාලම් ෆිල්ම් එකක ලව් එකකුයි එකතු වුණ මසාලා ෆිල්ම් එකක්..මං ආර්ට් කියල විශ්වාස කරන්නෙ එහෙම ආනන්දයක..

නමුත් ලෝකෙ බොහෝ තැන් වල කලාව පවතින්නෙ කලු සල්ලි වලින්. උදාහරණයක් විදියට රාම්ගෝපාල්වර්මා වගේ ඉංදියානු අධ්‍යක්ෂකවරුන් අනුග්‍රහයට පාතාලය එහෙම නැත්නම් අන්ඩග්‍රවුණ්ඩ් මුදල් සම්බන්ධයි. අපේ රටේ නම් කලාවට අවශ්‍ය කරන බ්ලැක් මනී ගොඩක් වෙලාවට යන්නෙ ආගම් ඇතුලට..

අද අපි ඉන්නෙ එහෙම වර්චුවල් ලෝකයක..රොබෝටික්ස් එකක් කස්ටමයිස්කරගත්තම බොහෝ දේවල් කරගන්න පුළුවන්. මිනිහෙක්ගෙ ඔළුවට චිප් එකක් දාල අදාල ඒ ප්‍රෙආගෑම් එකට විතරක් යන්න කියල අණ කරන්න අපිට පුළුවන්.. දොඩම් ගොඩ වගේ හැමදේම බදාගන්න ඕන්නෑ.. හැබැයි එතනින් සිද්ධ වෙන අවාසිදායක තත්වය වෙන්නෙ අපි එක චැප්ටර් එකකට පමණක්කොටු වෙන එක.. මේ ඩිවයිස් කියන්නෙ තවදුරටත් මනුස්ස හැගීම් වලින් මියගිය යමක් නෙමෙයිද ? මනුස්ස හැගීම්කවදාවත් පරිපථ මෘදුකාංග ඇතුළෙ තියාගන්න පුළුවන් ද? ඒවට සදාකාලික යැයි කිව හැකි ගැරන්ටියක්තියෙනවද ?

අපි හෝමෝෆාබර්ල..ඒ කියන්නෙ වැඩ කරන ජනතාව. අපි ඉන්නෙ නල හයි කරල බට ගහල, අඩු දඩු අඹරවගෙන, පොල් කටු ඉයර් ෆෝන් පැලදගෙන.. මුවන්පැලැස්ස නාටකයේ ඉගි නළුව තවදුරටත් අපි දන්නෑ.. ඉතිං අපි තවදුරටත් ඉන්නෙ වයලන්ස් පිරුණු ලෝකෙකනෙ..ඒක තවදුරටත් ඉනසන්ට් නෑ..එත් වැඩි පරිස්සමට කියල අපි අපිටම කියල සේෆ්ට්නෙට් එකක් හදාගෙන බබල් එකක් ඇතුළෙ ජීවත් වෙනව. ඒත්එතනදි හියුමන්එකිස්පීරියන්ස් එකක් හරි සම්බන්ධකමක් හරි හැදෙන්නෑ..

හරියට නිකන් ඉතිහාසෙ පටන් අපට කරදරයක් වුනාම අපි කලේ අපේ ගල් ගුහාවෙ දොර වහගත්ත එක.. ඉතිං අන්තිමට වලාකුළු ඉරාගෙන යන රොකට් එකක් වගේ ජීවිතේ ගෙවිල යනව විතරයි. අපි දන්නෑ ඒක ක්ෂණයකිනුත් ඇසිල්ලක් බවට පත් වේවි. මං කැමතියි අර හැමෝම බබල්ස් එකක් ඇතුළෙ හදාගත්ත ටැබූ එහෙම නැත්නම් තහංචි , නීති, සම්මතයන් කියන දේවල් බිදල දානව නම්..

මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තිබ්බත්, රත්නශ්‍රී විජේසිංහ දුවට යෝජනා කරන රාත්‍රියේ මිහිරි බව සල්ලි වලට ගන්න පුළුවන් ද? මගෙ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ සොදුරුම වෙලාවයි..

මම හිතන්නෙ තාමත් මිනිස්සු තමන්ගෙ ශරීර අත ඇරල නෑ. මොනා හරි පසුතැවිල්ලකින් හැමදාම ජීවත් වෙනව. මංජුලවෙඩිවර්ධන කියනව වගේ ජීවිතේ කියන්නෙ මග ඇරෙන සහ මග ඇරෙන්න නියමිත ඓක්‍යයට..

අපි, ලෝකෙ බෙදීම්, ආගම් වල බෙදීම් වගේම තමන්ගෙ ශරීරයත් සීමා, කොඩි ලකුණු වලින් බෙදාගෙන..අවසානෙ මොකද්ද වෙන්නෙ…. මුකුත් නැතිව බඩිගින්නෙ මැරිල යනව.. මං මේ බඩිගින්න කියන්නෙ කෑම අනුභව කරන එක නෙමෙයි.. මනසට ආහාරයක් කියන සංකල්පෙ..ඒකට අපේ අභිරහස් සියල්ලම නැතුවත් ඉන් කිහිපයක් හෝ තමන් ජීවත් වෙන සමාජය තුල නිරාවරණය කල යුතුයි..එහෙම නැත්නම් දරාගන්නට බැරි අමාරුම මහ ගිරිදඹක් උඩ අපිව පුපුරල යනව. මොකද අපි දන්නෑ අපි ජීවත් වෙන ව්ශ්වය ඇත්තටම මොකද්ද කියල.. මුගලන් හාමුදුරුවො වගේ ලෝකෙ කෙළවර හොයාගෙන යන එක බොරු වැඩක්..මං හිතන්නෙ මෙතන ආර්ට් එතකොට භාණ්ඩ හා සේවා වගේම අපේ ආශාව නිෂ්පාදනය කිරීමත් ඒකෙ කොටසක් කියලයි..

මං කැමතියි කේරලයේ වගේ හොද ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙන ගෙයකට..සුවද දුම් වලින් උදෑසන පටන් ගන්න යාතිකා වලට.. තාගෝරිගෙ මෙලඩියකට, ජෑස් එක්ක බීර වීදුරුවකට, …

Q. රතිය සහ ශෘංගාරය කියන කාරණාවන් ඔබේ නිර්මාණ තුළ බහුල වශයෙන් කථිකාවට බදුන් වෙන කාරණාවන්. සැබැවින්ම ශෘංගාරය නිර්මාණයක් තුළට ගෙන එන්න ඔබ භාවිතා කරන වචන සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට තමයි අයිති වෙන්නෙ. ඔබට ඒ ගැන තියෙන හැදෑරීම… එහෙමත් නැතිනම් සම්භාව්‍යය සිංහල සාහිත්‍යයයේ එන ශෘංගාරය පිළිබඳ ඔබේ කියවීම කොයි වගේද? කියලා අපි දැනගන්න කැමතියි….

A. මේ ප්‍රශ්නය කරුණු දෙකකට කඩා ගන්න මං කැමතියි.. මොකද ඒ විදියට උත්තර දුන්නොත් හොඳයි කියලා ඔබේ ප්‍රශ්නයම මට ඒත්තු ගන්වනවා…

පළමුවැනි අදහස අනුව මගේ ඉරෝතික කවි වලට පාදම තැනුන ුආකාරය ගැන මං කියන්නම්, –
ඉතින්, ඒ ගැන කතා කරන්න නම් කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරට,ජන කවියට,මීමන ප්‍රේමතිලකලාට, කවි මඩු වලට, ඒ අප්‍රමාණ ආදරය යා යුතු නැද්ද !

පුස්කොළ පොත් වල අක්ෂර චිත්‍රයක් වනපොත් කිරීමෙී සාහිත්‍යයක් තුලින් ක්‍රමිකව පොදු ජනයාට කාව්‍යය රසාලිප්තය ධ්වනිතාර්ථ නැංවීමෙහි සද්කාර්යය ඉටු කරපු, කොළඹ යුගයට පාදක වුණේ… නව ජන සමාජයයි. එය සමාජය පුරා පැතිර ගිය රාජකාරී ක්‍රමය බ්‍රිතාන්‍යය ආධිපත්‍යය හේතුවෙන් බිඳ වැටීමත් සමග ම ව්‍යාප්ත වුණු ධනවාදී අර්ථ ක්‍රමයක්. කොළඹ යුගය බිහිවන්නේ පෘතුගීසි සහ ලන්දේසි පාලන වකවානුව තුල වුණත්, සාම්ප්‍රදායික සිංහල සමාජය ඉංග්‍රීසි යටත් විජිතයක් බවට පත් වීමත් සමග එක් වුණ බටහිර වාණිජ ඝෝෂය සමගයි.
( මේ කොළඹ යුගය ලෙස හදුන්වන්නේ සාහිත්‍යධරයන් වෙන්කර ඇත්තේ 1815 සිට වත්මන දක්වා ) මුල් කාලීන කාව්‍යයකරුවන් සකු සහ පාලි භාෂිත කවි ඇසුර ඔවුන්ට තිබූ බවත්, නමුත් ඒවා අසාර්ථක බවත්, ඒ නමුත් කේයස් හෙවත් සාගර පළන්සූරිය වැනි කවියන්, සමාජ කවියට උපයුක්ත කොට ගත් භාෂාවක් භාවිතා කර ඇති බවට සදහන් වෙනවා..

ඉතින්, කොළඹ මුල් පරපුරේ කාව්‍යකරුවන් තම දේශය හා සමාජය වෙනුවෙන් කාව්‍යයකරණයෙහි නිරත වෙද්දී කුමාරතුංග මුනිදාස , රැපියල් තෙන්නකෝන් , අරිසෙන්, අහුබුදු. වැනි හෙළ බස රැකගනු වස් කරලියට පිවිසුනු ප්‍රකට කවියන්ව ද මතක් කල යුතු අතර, ශබ්ද රසය ඉක්මවූ අර්ථ රසයක් බිහිවූ කවියක් හෙල හවුලේ තිබුණ බව අප පිළිගත යුතු වෙනවා. ඒ වගේම, කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියන් අතර පී.බී අල්විස් පෙරේරා, සාගර පළන්සූරිය, කපිල ඊ. සෙනෙවිරත්න, විමලරත්න කුමාරගම, ශ්‍රී චන්ද්‍රතරත්න මානවසිංහ, එච්. එම් කුඩලිගම, වැනි කවීන්ගෙන් ආලෝකමත් වුණු….., එතනින් එහා සිවිපද ආකෘතිය අතැහැර දාලා ඉන් ඔබ්බට ගිය, ජී.බී සේනානායක , මහගමසේකර , දයාසේන ගුණසිංහ , පරාක්‍රම කොඩිතුවක්කු , සිරි ගුනසිංහ , මොනිකා රුවන් පතිරණ යන කාව්‍යයකරුවන් ද මෙනෙහි කිරීම ද යුක්ති සහගත වෙනවා.

ඒ අතරතුර ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරතුංග සහ මහින්ද හිමියන් ළමා කවි වෙසසක් හදුන්වා දීම තේමාත්මක ප්‍රහර්ෂයක් වුණා. එහෙත් මීමන ප්‍රමුඛ කොළඹ යුගයේ හමුවන විප්ලවීය, පරපුර මෙයින් තරමක් විශේෂිතයි. ඔවුන් මුල් යුගයේ කවීන් මෙන් දේශපාලනික අරමුණු වෙනුවෙන් ස්වකීය කාව්‍යමය දක්ෂතාව සිර අඩස්සියේ තිබ්බෙ නෑ.

මුල් යුගයේ කොළඹ කවීන් ස්ත්‍රී කය වැනි මාතෘකා සමාජය පිරිපහදු කිරීමෙී වැඩමුළුවකට අර ඇද්දත්, පසුකාලීනව ස්ත්‍රිය ගර්හාවට ලක් කිරීම උක්ත වාද වලින් පැහැදිලි වෙන්නෙ නැද්ද? අපි සල්ලාපයේ යෙදෙන්න ඕන ඒ ගැනයි. කවි කියලා ලියැවෙන නානාප්‍රකාර දේවල් ඒ, නිර්භාෂා අනෝතත්තයක සපුමල් නෙලන අපි, මාර්ගය දැන දැන ම කවියෙහි හැඩය අනෙකක හරවනවා නෙමෙයිද ? අනෙක් පැත්තෙන්, කලාව වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කවුරුන්ද ? එය නිර් – කලාවෙන් වෙන්කර ගත යුත්තේ කවුරුන්ද ? එකී භාවිතාවන් සිද්ද වෙන්න ඕන අතිශය සංවෙීදනා දරන මිනිසුන් නෙමෙයි ද ?

කොළඹ කවිය පිළිබඳව තත්වාරෝපිත විචාරයක් නොමැති කම කොයිතරම් නම් අබග්ගයක් ද ? එය ජරපත් කවියක් කියලා, වසර සියයක් නියෝජනය වීම අප අවධාරණයට ලක් කළ යුතු නැද්ද ?

එවැනි තත්වාරෝපිත අවලෝකනයක් වෙනුවෙන් මෙී අනගි කාව්‍යානුභ්‍යාසයේ අනුහස අනුහසක්ම නොවන්නේ ඇයි ?

ඔබේ ප්‍රශ්නය පරිදි මගේ හැදෑරීම ඒ පිළිබදවයි.

ඉතින්, අතීත කොළඹ කවිය මෙී මොහොතේ වර නැගෙන්නේ කොහොමද ? ඒ ප්‍රවිශ්ඨයේ ප්‍රවර්ගය පහදා ගන්නට අවශ්‍යයම ස්වසන අවකාශය කෙබදුවූවක් ද කියන, වින්දනය අධිනිශ්චය කරන වටපිටාවක ඉදළා කියවා බැලිය යුත්තක් නෙමෙයිද ?

ඉදින්, ඒ තුළ වෙන්නේ හුදෙක් පරිසරය සම්පාදනය කිරීමෙන් නො නැවතුනු භාෂණයේ සන්තාන රිද්මය නෙමෙයිද ? එය, ප්‍රමාණික තරම් අධ්‍යනයකට හසුවී නැති බව අවධාරණය කළ යුතු කරුණක් නෙමෙයි ද ?

එවන් අවධාරණයක් වෙනුවෙන් මගෙත් ඉරොටීය සිව්පද කවියත් ලියැවෙනවා කීම වරදක් කියලා මං හිතන්නේ නෑ.

දැන් ඔබේ ප්‍රශ්නයේ අනෙක් කොටස වෙන ශෘංගාරය ගැන මගේ අදහස මෙන්න මෙහෙමයි,

මම හිතන්නේ, සෙක්ස් ගැන ලියන්න පරිපූර්ණ වශයෙන්ම අත්දැකීම් අවශ්‍යය නෑ කියලයි.. ඉරොටිකා වල ලියැවෙන්නේ ඔයා, ඉතා පර්වර්ට් ආසාවක් ඇති කෙනෙක් විදිහට පිළිබිඹු වෙන එක විතරමයි. ඒක ශරීරය ඉක්මවා ගිය ලියවිල්ලක් විදිහට මං හදුන්වන්න කැමතියි. ඒක, තමන්ට සවිඥානිකව හරි අවිඥානිකව හරි බැදීමක් ඇති කෙනෙක් හොයාගන්න හම්බෙනව කියන කතාවට වඩා වෙනත් කතාවක්. ඇත්තටම, මෙීකෙ පොදු පැටර්න් එක තමයි අනුරාගීව බැදිල ඉන්න එක.

නමුත් අපි අපේම විශාද උයනක පත් හිදිල මැරිල යනවා. ආලෝක හතු පිපෙන පාරවල් මගඇරල, හදවතේ කුටීර හතරෙන්ම ආදරය පුරවන්න කරන උත්සහය දියාරුවෙනව. ඉතිං ග්‍රහලෝකයක් විදිහටම අපි මෙී විශ්වයේ තනිවෙන එක කියන්නත් දෙයක්ද ?

තන්ත්‍ර වල කියනව වගේ සෙක්ස් කියන්නෙ රසවත් ආහාරයක් ගැනීමක්. සෙක්ස් කරද්දි මහන්සියක් නැතිව කාලය ගෙවීම චිත්ත ඒකාග්‍රතාවයේම කොටසක්. සෙක්ස් රිලේටඩ් පෝස්ට් බලන නොබලන අය සහ, ජීවිතේ ඇතුලට පිවිසෙන්නට හැකි ප්‍රවේශය අහිමි වූ අය එළියෙන් එන බලපෑම් එක්ක තමන්ගෙ ශරීරය හදාගන්න වෙරදරනව නම්, ඒ තන්ත්‍ර භාවය කියැවිය යුතුයි සහ හැදෑරිය යුතුයි කියලා මං විස්වාස කරනවා.

මං නම් ආදරේ කියන්නෙ එහෙම නිරුවතකට..ඇදුම් නැති තරමට අපේ ශරීර භාෂාව උගන්නාකම පැහැදිලියිනෙ. ඒත් එහෙම නිරුවත් වෙන්න පුළුවන් තැන් ගොඩක් අඩුයි නේද ? ඒකට අපි අපේ ජීවිත අස්සෙ තියෙන ටෙම්පො එක කියවන්න ඔීන නේද ? ඒකට ඈදුන ුඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක් අවශ්‍යයි නේද ? හරියට කීවොත් මායා ඖෂධයක් , මැජික් අරිෂ්ඨයක අනුරාගී සාරය වගේ. එතකොටයි, මූඩ් එක එක්ස්පෝස් කරන්න තියෙන බය නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නෙ නේද ?

ඇත්තටම, මෙී ගැන එළියෙ ලෝකයට තියෙන්නෙ නෙගටිව් අදහසක්.. ඒ නෙගටිව් අදහස ගැන යමක් ලිවීම ද පාවෙවී ඉන්න සැහැල්ලු‍ ජීවියෙක් වෙන්න, වසිලීසියාගේ කුර පහරට ගෙවුණු පාරක් වගේ මතක පිරුණු පොකුණක් ලග ප්‍රේමයේ සියුම් ම දිලිසුම් දකින්න උදව් වෙීවි.

හැම යකෙක්ම එක පාරක් හරි දෙවියෙක් වෙලා ඇති. අඩුම මළ පෙරේතයෙක් හරි. කෙනෙක්ගෙ හැබෑ ස්වභාවය එන්නෙ සමණල දළඹු අවස්ථා පහුවෙනකොටයි. ඒහැඩගැහීම ශරීරයයේ ම කොටහක් කියල කෙනෙක්ට දනවන්න පුළුවන් මිම්ම විදිහට තමයි ආදරේ නමැති වස්තුව එක්ක ආදරෙන් ලෑස්ති වෙන එක.

තමන්ගෙ සිඩක්ෂන් එකේ ආනන්දය මත පා තබන එහෙම ගෑණුන්ටයි, මිනිස්සුන්ටයි තමයි ගල්ගුහාවෙ දොර බිදල දාල, හෙල්මට් – බොඩිආමර් ඇදගෙන සේෆ්ටි විට හෝ එළියට එන්න හිතක් පහළ වෙන්නෙ. ඉතිං, හියුමන් සයිබෝර්ග් නාඩි අල්ලන අනුරාගී ශරීරයක් වෙන්න මම නම් කැමතියි.

හාට් එක අස්සෙන් මල් වෙඩිලි පුපුරල ස්‘ ගාල උණුවෙවී වැක්කෙරිල අවසානයේ උරුම වන මළ පාළුව අවසන් කරන්න කවුද අකමැති !

අපි ආදරය මගහරින්නෙ හෝ මගඇරෙන්නේ අපිට ආදරය නොදැනෙන නිසා නෙමෙයි. මෙන්න මෙී පාරිභෝජනවාදී සමාජය අපිව ඒ තැනට කන්ඩිෂන් කරල හින්දයි. මරණයෙන් පස්සෙවත් ඒ තනිකම අපිට මකාදාන්න බැරි වෙයි කියන එකයි මගේ අදහස. සොහොනක් උඩට වෙලා උලලේනෝ කවී කීවට, මිනී මල් වල සුවද අකාමකා වුනා කියල හෝ ඒව වෙනස් වෙන්නෙ නෑ.

ඉතිං ඔයා හැම ටැබූ එකක්ම කඩන්න අවශ්‍යයමයි. ඒක සෙක්ස් පැත්තෙන් ගත්තහම පුංචි මරණයක් තමයි. නමුත් මෙතන වෙනස අපේ පණ තියෙද්දි ම අපේ මරණය, අපිට අත්විදින්න පුළුවන් සෙෘන්දර්ය ප්‍රීතියක් අපිට අත්පත් වෙන එක. කන්දක තියෙන අධිමාත්‍රික, මත් පැලෑටි වර්ගයක් වගේ..

ආදරය ඒ තරම් ම ශෘංගාරාත්මකයි..මරණය ශරීරයෙන් ගලවා නැවත නැවතත් විවිධ කාර්තු වල අපිට පෙන්වන සුළුයි. ඉතිං ඒ ආදරේ කියන්නෙ දිය ඇල්ලක්..ඒකෙන් ගන්න වතුර බිංදු අපි ලග තියෙන ඔීනෑම භාජනයකට අදාළව හැඩ ගැහෙනව..ඒත් ඉතිං, එහෙම භාජනයකට ආදරේ දාල නරඹන එකේ වැඩක් තියෙනවද ? ඒක වෙනස් කරන්න ඔීන නම් කොහෙ හරි මූදකට ගිහින් හිතේ හැටියට පියාඹන්න ඔීන නේද ? කකුල් වෙවුලන සර්ෆර් කෙනෙක් හරි අඩි ගානක් උස ලණුවක පය තියෙන සර්කසීය මිනිසෙක් වගේ මුලින් අපිට මෙීක දැනුනත්, කුරුළු ජීවිත සළකුණු කරන වළාකුළු වලටත් එහා දිව්‍යමය සමතුලිත ඇබින්දක් විදිහට ආදර පාත් එකක් හදාගන්න බැරි වෙන එකක් නෑ.

Q. කොහොම නමුත් කවියෙන් වගේම ඕනෑම නිර්මාණ ක්‍රියාවලියක් තුළින් යම් ආකාරයක මේ මොහොතේ දේශපාලනය සහ එහි භාවිතාවනුත් වරනැගිය යුතුයි නේද?… ඔබ කොහොමද ඇත්තටම පවතින මේ මොහොතේ දේශපාලනය කියවා ගන්නෙ???

A. කවියට අතිශයින්ම දේශපාලනයක් තිබිය යුතුයි. ඒත්, කවියෙහි දේශපාලනය යනු හුදු ප්‍රචාරකවාදී එකක් විය යුතුද යන්න පිලිබඳව ගැටළුවක් තියෙනවා..හැත්තෑවෙ දශකයේ කවිය ගත්තොත් කුසගින්න ගැන වචනයකුදු නැති කවියක් නැති තරම්. ජනයාගේ ජීවිතය පිළිබද, මං කියන්නෙ නිර්ධන පාංතික අව වරප්‍රසාදිත අසාධාරණයට ලක් වන මිනිස් සමාජය ගැන ලිවීම දේශපාලනික අතින් වැදගත් ප්‍රවේශයක්. ඒත්, එක රැයකින් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න යනව වගේ දේවල් හුද ප්‍රලාප. ඒකට, ඉසිඹුවක්, පරිචයක්, උවමනාවක් අත්‍යයවශ්‍යයි යි. කෙසේ හෝ කුඩා කුඩා වර්තන, කවියක දේශපාලනය කියල මං විශ්වාස කරනවා.

ඔබේ ප්‍රශ්නයේ දෙවැනිසැසිය එහෙම නැත්නම් මේ මොහොතේ දේශපාලනය ගැන අදහස ගැන කිව්වොත ඒක මෙහෙමයි.

මජරයි.මිලේච්චයි..අධෝමාර්ගික චූර්ණයක් තරම්වත් වටින්නේ නෑ. මාළිගාවක කක්ක බාල්දියක වුනත්, අමුතු පරසතු සුවඳක් හමන්න විදිහක් නෑනෙ.

Q. 5 හරි…. මං හිතන්නෙ අපි දැන් ඔබේ ළඟදීම සමාජගත වෙන්න තියෙන නවකතාව ගැනත් යමක් කතා කළොත් හොඳයි කියලයි…ඇත්තටම ’සන්තාන’ කියන ඒ වියමන ගෙත්තම් වෙන්නෙ කොහොමද ? එහි අන්තර්ගතය කොයි වගේද?

A. වසර අටකට පමණ ආසන්න කාලයක් ලියමින්, ඒ අතර පරිවාසකාල තුළ මගේ සන්තාන ලියවිලි අස්ථානගත වෙමින්, අමතකවෙමින් තිබුන කාලයක මුද්‍රණයවන නවකතාවක් තමයි “ සන්තාන”. ඒක ඇත්තටම…., යුතෝපියානු නවකතාමය ලක්ෂණ තිබෙන, වඩා සුවපහසු ලෝකයක් හදන්නට වෙර දරන අයිත්මාතොව්ගේ ගුරුගීතයෙහි එන දුයිෂේන් පන්නයේ ගුරුවරයෙක්ගේ සන්තානීය කතා පෙළගැස්මක්

Q. අවසාන වශයෙන් අපි කැමතියි දැන ගන්න සන්තාන වලින් පස්සෙ ඔබෙන් ඉදිරියෙදි අපිට විඳින්න ලැබෙන නිර්මාණ කාර්යයන් ගැන යමක් කියනවා නම්….

ඉදිරියේ, මගේ සිව්පද ආකෘතියේ ඉරොටීය කවි පොත සහ විචාරවීමංසනය එළියට ඒවි. ෆිල්ම් වැඩ, සිංදු වැඩ, ආදී හතරකොන් සංස්පර්ශවන ආර්ට් ෆික්ෂන් එක්ක හති අල්ලන සෙල්ලම් කිහිපයක ආදරය එක්ක 24, ජීවිතය හැඩ වේවි. ඉතින්, අන් කවරක් නම් මේ දිගුසල්ලාපය වෙනුවෙන් කියන්නද ? ආදරයම හැර….. ස්තූතියි ඔබට බාසුරු.. මට මේ සාහිතමය සල්ලාපයට ආරාධනාකලාට.

සාකච්ඡාව සහ සටහන
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan