එජාපයේ කයිවාරු විතරයිනෙ. දිනන්න පුළුවන් නායකයෙක් අපි ජනාධිපතිවරණයට දානවා – මහින්ද (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව එම පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – මේක මැතිවරණ වසරක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්ද ?

“පුළුවන්, පුළුවන්. කිසීම ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනවගේ නායකයෙක්ද ඉදිරිපත් කරන්නෙ ?

“දිනන්න පුළුවන් නායකයෙක් ඉදිරිපත් කරනවා”

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂය නම් කියන්නෙ මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරපු අයට නැවත බලය යන්නෙ නෑ, එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක වෙනවා කියලා. ඔබතුමා මොකක්ද කියන්නෙ ?

“එක්සත් ජාතික පක්ෂයේ හැමදාම කයිවාරුව විතරයිනෙ, වැඩ නෑනෙ …”

ප්‍රශ්නය – මේ ජනතාව බොහෝම අසීරුතාවයෙන් ඉන්නේ මේ වැට් බද්දත් එක්ක …?

“ඔව්, ඒක අපිත් පිළිගන්නවා. අපටත් අමාරුයි”

ප්‍රශ්නය – ඔබතුමාලා ජනාධිපතිතුමාව දැනුවත් කරන්නෙ නැද්ද මේ සම්බන්ධව ?

“කණ්ඩායම් රැස්වීම්වලදී දැනුවත් වෙනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කළුතරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...

මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...