එජාපයේ කයිවාරු විතරයිනෙ. දිනන්න පුළුවන් නායකයෙක් අපි ජනාධිපතිවරණයට දානවා – මහින්ද (VIDEO)

Date:

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව එම පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – මේක මැතිවරණ වසරක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්ද ?

“පුළුවන්, පුළුවන්. කිසීම ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනවගේ නායකයෙක්ද ඉදිරිපත් කරන්නෙ ?

“දිනන්න පුළුවන් නායකයෙක් ඉදිරිපත් කරනවා”

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂය නම් කියන්නෙ මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරපු අයට නැවත බලය යන්නෙ නෑ, එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක වෙනවා කියලා. ඔබතුමා මොකක්ද කියන්නෙ ?

“එක්සත් ජාතික පක්ෂයේ හැමදාම කයිවාරුව විතරයිනෙ, වැඩ නෑනෙ …”

ප්‍රශ්නය – මේ ජනතාව බොහෝම අසීරුතාවයෙන් ඉන්නේ මේ වැට් බද්දත් එක්ක …?

“ඔව්, ඒක අපිත් පිළිගන්නවා. අපටත් අමාරුයි”

ප්‍රශ්නය – ඔබතුමාලා ජනාධිපතිතුමාව දැනුවත් කරන්නෙ නැද්ද මේ සම්බන්ධව ?

“කණ්ඩායම් රැස්වීම්වලදී දැනුවත් වෙනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කළුතරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...