විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ අරඹයි!

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (19) මධ්‍යාහන 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

නව සාමාන්‍යධිකාරීවරයා එම ධූරයෙන් වහාම ඉවත් කරන ලෙස බලකරමින් විදුලි ඉංජිනේරු සංගමය ඊයේ දින ලෙඩ නිවාඩු දමා විරෝධතාවක්ද සංවිධානය කර තිබුණු අතර සිය ඉල්ලීම ඉටු නොවුණහොත් අද සිට අකුරට රාජකාරී කිරීම ආරම්භ කරන බවයි ඊයේ දිනයේදීම අවධාරණය කළේ.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අනුව ප්‍රථම අදියරේදී වාර සේවාවේ රාජකාරී කරන ඉංජිනේරුවරුන් එම කාල සීමාව තුළ දී පමණක් රාජකාරී කිරීමට නියමිතයි.

එහෙත් පළමු අදියරේදී දිවයින පුරා හදිසි බිඳවැටීම් සහ ආපදා තත්ත්වයන් වලදී සේවයට වාර්තා කරන බවයි ඔවුන් පවසන්නේ.

දෙවන අදියරේදී පස්වරු 04.15න් පසු කිසිම රාජකාරියකට වාර්තා නොකරන අතර මෙම තත්ත්වය තුළද විසඳුම් නොලැබෙන්නේ නම් තුන්වන අදියරේදී 1996න් පසු සිදුකරන වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට වුවද ඉඩ ඇති බව ඔවුන් අවධාරණය කර ඇත.

මෙහිදී රජය සහ ජනතාව පත්වන අපහසුතාවට විදුලි ඉංජිනේරුවන් වගනොකියන අතර ඊට වගකිව යුත්තේ විදුලි බල මණ්ඩලයේ සභාපති සහ ඇමරිකානු ගිවිසුමට සහය දැක්වූවන් බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...