විදුලි බුබුළු 50% ක් නිවා දමන්න – පරිසර ඇමති

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දී සිටින බැවින් විදුලිය අරපරෙස්සමෙන් භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ඇමතිවරයා පවසනවා. ඒ අනුව රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනද මෙවැනි ක්‍රියාමාර්ග ගතයුතු බව අමරවීර මහතා සඳහන් කරනවා.

මේ අතර අද දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබූ නමුත් ඇතැම් ප්‍රදේශවල පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...