*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මැතිවරණය කාටද …?

සියළු සටන් මැද ප්‍රාදේශීය සභා චන්දයක් ඉල්ලන සටනක්ද ඇරඹී ඇත. මේ සටන පසුපස සිටින්නේ ගෝඨාබය පැන්නීමේ සටනෙන් පසු පොහොට්ටුව නාය යෑමේ පසුබිම තුල තමතමන්ගේ පෙරමුණු රාජ්‍ය බලයට ඔන්න මෙන්නව ඇතැයි සිතා සිටින ජා.ජ.බ. සහ ස.ජ.බ. බලවේගයි.

තම තමන්ගේ මහපොලොවේ තත්කාලීන දේශපාලන පදනම උරගා බැලීමේ කපටි උවමනාවන් මිසක රටේ මහජනතාවගේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන මෙලෝ කැක්කුමක් මේ අවස්තාවාදී බලවේගවලට නැත.

මේ වර්ගයේ කුමන හෝ පෙරමුණක් එළඹෙන පලාත් පාලන චන්දයෙන් ජය ලැබුවහොත් එකී ප්‍රතිපලය සමස්ථ රටටම හානි දායක ලෙසින් බලපානු ඇත. හේතුව බල තන්හාව පමණක් ඇති සහ අතාර්කික නන්දෙඩවිලි මිසක ගෝළීයමය ආර්ථික දැක්මක් නැති මෙවන් පක්ෂවලට පලාත් පාලන චන්දයෙන් වැඩි බලයක් හිමි උවහොත් එතැන් සිට ඔවුන්ගේ එකම වෑයම කඩාකප්පල් කාරී ලෙස ආන්ඩුව පෙරලා දමා බලය ලබාගැනීම පමණි. ඒ කළබැගෑනිය තුල යන්තම් පටලවාගෙන සාගතයකට වැටෙන්නට ඉඩ නොදී ගැඹුරු හෙලක් උඩ ඇති ඒ දණ්ඩක දුවන ආර්ථිකය හයිටි රාජ්‍යයේ බඳු තත්වයකට උවද ඇදවැටිය හැකිය.

අනෙක් පැත්තෙන් අපේ රටේ මාස් මැජොරටි එකට වර්තමාන ආර්ථික අර්බූදය ගැන ඇත්තේ ” එකවර පාත්වූ හෙණ ගෙඩියක්” වැනි අනුබූතිවාදී අදහසකි. ඔවුන්ට අර්බූදයේ ඉතිහාසය ගැන හෝ ගෙවුම් ශේෂ හිඟය ගැන හෝ අයි.එම්.එෆ්. එක ගැන හෝ ගෝළීය ආර්ථිකය ගැනහෝ නිරවුල් අදහසක් නැත. එසේ හෙයින් බාන්ඩාගාරය හිස් වෙමින් ඇති මෙවන් මොහොතක දැවැන්ත මුදලක් යටකර මැතිවරණයක් හරහා ඔවුන්ගේ මතය විමසීම එතරම් පලක් ඇති දෙයක්ද නොවනු ඇත.

එය පලක් ඇති දෙයක් නොවනවා පමණක් නොව එවන් අන්ද බූත ජනතාවකගේ මතය උරගා බැලීමම මෙවන් මොහොතක බයානක ප්‍රතිපල ගෙන දෙන්නක්ද විය හැකිය. හේතුව ජාතිකවාදී පක්ෂ විසින් බිමේ අවුළුවන අයි.එම්.එෆ්. විරෝධී ජාතිකවාදී ප්‍රචාරණය හේතුකොට ගෙන මාස් මැජොරටිය විසින් ජාතිකවාදී නඩයකට වැඩි බලයක් ලබා දුනහොත් ඉන් ඉදිරියට රටේ ආර්ථික අර්බූදය තව තව පඹගාලක් පැටලෙනු ඇත.

පසුගිය සමයේ රටේ ආර්ථිකය පැට්‍රල් ඩීසල් නොමැතිව එක තැන ඇදවැටුනු තත්වයකට පත්විය. නමුත් මේ මොහොතේ එදාට සාපේක්ෂව යම් යහපත් තත්වයක පැවතුනද දැන් පවා රට ඇත්තේ බරපතල අවදානම් කලාපයකය. මෙහිදී කුඩා සෙලවීමකින් පවා ඇදවැටිය හැකි ආර්ථිකයක් ඇති රටක විශාල මුදලක් වටිනාකම් ප්‍රතිජනනය නොකරන චන්දයක් වෙනුවෙන් යට කිරීම සමස්ථ රටම බරපතල අවදානමකට ලක් කිරීමකි.

මැතිවරණ යනු නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය පවතින රාජ්‍යයක තිබිය යුතු මූලිකම ලක්ෂනයක් බව සැබැවි. නමුත් නිරෝගී කිසිවක් දැන් මෙහි නැති අතර මේ පැවැත්වීමට යන්නේ මරණ හතක් මැද පැණි බුදින මැතිවරණයකි.

රනිල් යනු ජනතා ආකර්ෂණය දිනාගත නොහැකිවූ සහ පොදු මහ ජනයා කිසිලෙසකින් වත් අපේෂා නොකල වරගයේ නායකයෙක් විය. නමුත් අප මෙහිදී අමතක නොකල යුත්ත නම් එකී මහ ජනතාව අපේෂා කල “දියසෙන්” වර්ගයේ මහා නායකයා වූයේ මේ බොහෝ අර්බූද වලට වගකිව යුතු මහින්ද රාජපක්ෂ බවය. මේ මොහොතේ ජනතාව කැමති උවද අකැමැති උවද අවමවශයෙන් මේ ආර්ථික අර්බූදයේ දිග පළල හෝ දන්නා ප්‍රායෝගික දෙශපාලකයා රනිල් බව පිළිගැනීමට දැන් අපට සිදුවේ.

නමුත් අපේ රටේ සර්වජන චන්ද බලය බාවිතාවන විදිහේ ඇති විකෘතිය නිසා රනිල්ගේ ඇමති මන්ඩළයද රනිල්ගේ පාර්ලිමේන්තු බහුතරද සකස්වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ පොහොට්ටු ගෝත්‍ර බලවේගයෙනි. රට බේරා ගැනීම සඳහා ජනතාව විසින් චන්දෙන් පත්කර ගත් පොහොට්ටු නායකයක්ට අවසානයේ පන බේරාගැනීම සඳහා සහ ආර්ථික දැක්මක් සොයා ගැනීම සඳහා ජනතාව විසින් පයින් ගසා එළවා දැමූ රනිල්ගේ පිහිටම සොයා යෑමට සිදු විය.

මේ ඓතිහාසික සිදුවීම පොහොට්ටුව බලයට පත්කල හැටනම ලක්ෂයක් ජනතාවගේ දෛවයේ සරදමක් ලෙසද ගිනිය හැකිය.

මෙහිදී සජිත් පිල යනු එ.ජා.ප.යෙන් බිඳුන එක එක අනාතයන් ලගින අම්බලමක් වූවා මිසක අදටත් නිශ්චිත දේශපාලන බලවේගයක් වී නැත. එ.ජා.ප. ය බිඳ වැටුන විට බිමේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සඳහා මහා හිඩැසක් නිර්මාණය විය. නමුත් මේ දක්වාම පන්සල්වලට බඩු බෙදන රාජපක්ෂ දේශපාලනයේ විගඩම් ෆොටෝ කොපියක් වනු විනා එවන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක හිඩැස පිරවීමට සජිත්ට නොහැකි වී ඇත. ඒ තත්වය තුල බලය දිනාගැනීමෙන් පසුව ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික දැක්මක් නැතුවා පමණක් නොව මේ මොහොතේ පවා ජා.ජ.බ. ය හමුවේ ස.ජ.බ. අච්චාරුව ඇත්තේ පැවැත්මේ අර්බූදයකය.

අනික් පැත්තෙන් හොරු පන්නන කැම්ෆේන් එක හැර වෙනත් දර්ශනයක් නැති ජා.ජ.බ. සළාදය තුලද ආර්ථික අර්බූදයට විසඳුම් තබා අර්බූදය හඳුනන එකෙක් හෝ ඒ තුල සිටීදැයි සිතීම පවා ගැඨළුවකි. මතුපිටින් ජා.ජ.බ. ය නමින් ලිබරල් හැවක් පොරොවා තිබුන ද එහි යටින් ඇත්තේ පරණ ජ.වි.පෙ. රජ දවස වැඩවසම් ආර්ථික දැක්මමය.

මෙහිදී මේ ආර්ථික බංකොලොත් බාවයට පාර කැපුන ප්‍රධාන හේතුවක් නම් රටට ඔරොත්තු නොදෙන ලෙස සිදුවූ පරපුටු රාජ්‍ය අංශයේ පළල් වීමය. (ජා.ජ.බ. යේ සත්‍ය ක්‍රියාකාරිකයා වන) ජ.ව්.පෙ. යනු කාලයක සිටම පරපුටු රාජ්‍ය අංශය පළල් කිරීම සඳහා ප්‍රබල ලෙස උත්ඝෝසනය කල දේශපාලන ව්‍යාපාරයකි.

එමෙන්ම වත්මන් ඩොලර් අර්බූදය විසඳිය හැකි එක් ප්‍රධාන මාවතක් නම් බටහිර හෝ ඉන්දියානු විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමය. නමුත් ජ.වි.පෙ. යනු උපතින්ම විදේශ ආයොජකන්ට එරෙහිවූ ජාතික වාදී දේශපාලන ව්‍යාපාරයෙකි. ඔවුන් අදටත් නියෝජනය කරන්නේ බටහිර හා ඉන්දියානු විරෝධී ජාතික වාදී මැජොරටි එකමය.

මේ තත්වය තුල ඔවුන්ගේ ආගමනයක් සිදුවීම යනු ද තත්වය කබලෙන් ලිපට වැටීමක් හා සමාන වනු ඇතැයි සිතිය හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan