ලෝක තරුණ සමුළුවක් ශ්‍රී ලංකාවේදී

Date:

මේ වසරේ ශ්‍රී ලංකාව තුළ තරුණ සමුළුවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජූලි සහ අගෝස්තු යන මාසයන් වලදී එය පැවැත්වීමට නියමිත බවයි . මේ අනුව තරුණ පාර්ලිමේන්තුව හරහා ලෝක තරුණ සම්මේලනය මීගමුව සහ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් කටයුතු සංවිධානය කරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි. මෙහිදී සුවිශේෂී කාරණා කීපයක් ඇති බවත්, තීරණය සියල්ල ගැනීමෙන් පසු ශ්‍රී ලාංකීය ජනතාවත් , ලෝකවාසී තරුණ ප්‍රජාවත් දැනුවත් කිරීමට සූදානම් බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ කොවිඩ්19 වසංගතය ත් සමගින් අපේ රට සහ ලෝකය ඉදිරියට යන කාලසීමාවක් බැවින් , මේ කාලසීමාව තුළ තරුණ තරුණියන් වෙත සුවිශේෂී වගකීමක් ඇති අතර එම වගකීම ඉටුකිරීමට ශක්තිමත් විය යුතුය .මේ වනවිට සංචාරක ව්‍යාපාරය විවෘත වී ඇති අතර යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් සිදු කර ඇත. එසේම ලෝක තරුණ තරුණියන් වෙනුවෙන් යම්කිසි සාධාරණයක් ඉටුකිරීමට මෙයින් බලාපොරොත්තු වේ. මෙහිදී ලොකයේ නන් දෙසින් මෙරටට පැමිණ ගෝලීය උෂ්ණත්වය , පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදන පිළිබඳ, රැකියා උත්පාදනය පිළිබඳ , කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවූ මානසික ආතතිය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීම පිළිබඳවත් , මේ සියල්ලම පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත් , ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය සමඟ සංචාරක ගමනාන්තයක් කර ගැනීමටත් අපේ සංස්කෘතික ලෝකය ගෙන ගොස් එහි වටිනාකම ලොවට බෙදා දීමටත් මෙමඟින් බලාපොරොත්තු වේ.

තරුණ අමාත්‍යවරයක් ලෙස නාමල් රාජපක්ෂ මැතිතුමා මේ සඳහා විශාල කැපවීමක් කරන අතර මෙයින් අප රටේ තරුණ තරුණියන් හට සුවිශේෂී අවස්ථා කීපයක්ම හිමිවනු ඇතැයි අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...