විදුලි බිලේ තීරණයෙන් කොමිසම දෙකඩ කැඩෙයි – සභාපති නීතියේ පිහිට පැතීමටත් සැරසෙයි (VIDEO)

Date:

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ගත් සාමූහික තීරණය මේ වන විට වෙනස් වී තිබෙන අතර තමන් නොමැතිව සෙසු සාමාජිකයින් තිදෙනා ජනධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව එම වෙනස සිදුව ඇති බව සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉවතලා විදුලි බල මණ්ඩලයේ යෝජනාව අනුව කටයුතු කිරීමට මහජන උපයෝගීතා කොමිසම පසුගිය 12 වැනිදා සාමූහික තීරණයක් ගෙන තිබුණු බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ජාතික සභාවේදී එම බෙදීම අනාවරණය වූ බවත් කොමිසමේ සෙසු සාමාජිකයින් දැන් පවසන්නේ කැබිනට් තීරණය අනුව ක්‍රියාත්මක විය යුතු බවත් යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියි.

කෙසේවෙතත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට තිබෙන ස්වාධීන කොමිසමක් දේශපාලන බලපෑම්වලට යට වීම වැරදි පූර්වාදර්ශයක වන හෙයින් මෙය නිරාකරණය කරගැනීමට තමන් පෞද්ගලිකවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කරයි.

කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක වුවහොත් මෙරට දැඩි ආර්ථික අපහසුතාවෙන් පෙලෙන ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් වැඩි අයකිරීමක් කළ යුත්තේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන එම ජනතාවගෙන් නොව වැඩියෙන් පරිභෝජනය කරන කණ්ඩායම් වෙතින් බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...