මහ කන්නයට විතරක් නෙවෙයි යල කන්නයටත් පොහොර ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ – නලින්

Date:

දැනට ක්‍රියාත්මක මාස් කන්නයට පමණක් නොව එළඹෙන යල කන්නයටත් අවශ්‍ය පොහොර සහ කෘෂි යෙදවුම් මෙරටට ආනයනය කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

“දැන් මහ කන්නය විනාශවෙලා ඉවරයි. මහ කන්නයට යූරියා ගේන්න කාලයක් නෑ. මහ කන්නයට විතරක් නෙවෙයි, යල කන්නයට යූරියා සහ පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඕනෙ වෙනවා. හැබැයි මේ ඩොලර් හිඟය නිසා පොහොර ගෙන්වන සමාගම් මේ ලක්ෂයෙන් 10%ක් විතර තමයි ඇනවුම් කරලා තියෙන්නෙ. ඔවුන්ට අවශ්‍ය ඩොලර් නෑ, මහබැංකුවෙන් ඩොලර් ලබාදෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ නෑ, බැංකුවලට ගියාම LC එකක් ඕපන් කරන්න බෑ ජාත්‍යන්තර සමාගම් අපේ LC එකක් පිළිබඳ විශ්වාසයක් නෑ, වෙනත් අතරමැදි සමාගම්වල සහතික ඉල්ලනවා.

එනිසා මහ කන්නයෙන් පස්සෙ එන යල කන්නයේත් අපට අවශ්‍ය පොහොර ටික, යෙදවුම් ටික ගේන්න පුළුවන් වාතාවරණයක් මේ ආණ්ඩුව හදලා නෑ. මේ තකතීරු කෘෂිකර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු ආණ්ඩුවේ අය තවදුරටත් බලන් ඉන්නවා අර ප්‍රතික්ෂේප කරපු චීන අශූචි නැව රට තුළට ගේන්න. ඒ වගේම අසාර්ථක වුණු නැනෝ යූරියා මං දන්නෑ ආයෙත් ගේනවාද කියලා … අපට එහෙම සැකයක් තියෙනවා”

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...