කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න – වසන්තගේ නිදහස වෙනුවෙන් නීතිපතිට දිවුරුම් ප්‍රකාශ 12000ක්! (VIDEO)

Date:

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බලකරමින් දිවුරුම් ප්‍රකාශ 12,000කට වැඩි ප්‍රමාණය අද (30) නීතිපතිවරයා වෙත භාරදීමට කටයුතු කර තිබුණි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සිවිල් හා දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ඊට පිරිස එක්ව සිටි අතර මෙහිදී නීතිඥ නුවන් බෝපගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අනීතිකව තවදුරටත් සිරකරගෙන සිටින වසන්ත මුදලිගේ නිදහස් කිරීමට තව දිවුරුම් ප්‍රකාශ කොපමණ ප්‍රමාණයක් නීතිපතිවරයාට අවශ්‍යව ඇත්දැයි යන්න මෙහිදී බෝපගේ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

පසුගිය අරගලයට සම්බන්ධ වීම නිසා වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙක් වන්නේ නම් ඊට සහභාගී වූ මිලියන ගණනාවක් ජනතාවත් ත්‍රස්තවාදීන් බවට එම දිවුරුම් ප්‍රකාශ වල සටහන් කර තිබෙන බවයි බෝපගේ මහතා කියාසිටියේ.

ඒ අනුව කොන්ද කෙලින් තබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.

කිසිදු දිවුරුම් ප්‍රකාශයක් නොමැතිව නීතිපතිවරයා වසන්ත කරන්නාගොඩට, පිල්ලෙයාන්ට,මහින්දානන්දට ඇප දුන්නේ නම් ජනතාවගේ ඉල්ලීමක් ඇති අවස්ථාවක ජනතාවගෙන් පළිගන්නා ආයතනයක් ලෙස කටයුතු කරන්නේ ඇයිද යන්නත් බෝපගේ මහතා මෙහිදී විමසා සිටින ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...